IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


ඡංගම විදුලි වැටක් සකසයි

(සමන් කේ. ගමගේ)

අනුරාධපුර දිස්ත්‍රික්කයේ වල් අලි බහුල ප්‍රදේශයක් වන හබරණ බෙල්ලන්කඩවල කුඹුරු යායක් ආවරණය වන පරිදි ජංගම විදුලි වැටක් ඉදිකර ඇත.

ගෝලීය පාරිසරික පහසුකම් මගින් සපයනු ලබන මූල්‍ය ආධාර යටතේ ක්‍රියාත්මක වන සුවදායි භූමි දර්ශන ව්‍යාපෘති මගින් මෙම ජංගම විදුලි වැට නිර්මාණය කර තිබේ.

වල් අලින්ට පාගා කඩා බිද දැමිය නොහැකි ආකාරයට මෙම විදුලි වැට නිර්මාණය කර ඇති අතර මෙය සකසා ගැනීමට යකඩ බට යොදාගෙන තිබේ. මේ සඳහා විදුලිය සූර්ය කෝෂ මගින් ලබා ගැනීම විශේෂත්වයකි.

මෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ ගොවීන්ගේ අස්වනු නෙලීමෙන් පසු අලි වැට වගා භූමියෙන් ඉවත් කර ගත හැකි වීමයි. නැවත වගාවන් ආරම්භයත් සමග විදුලි වැට සවිකර ගැනීමට ගොවීන්ට හැකියව උදා වේ.

සූර්ය බලශක්තියෙන් ක්‍රියාත්මක වන ජංගම අලි වැටක් නිසා වගා කන්නයක් තුළ අවශ්‍ය ස්ථානයක සවිකර ඉන් අනතුරුව කන්නෙන් පසුව අලිවැට පහසුවෙන් ඉවත් කර ගැනීමට හැකිවීම නිසා නැවත වන අලින්ට අවශ්‍ය ආහාර ලබා ගැනීමට හැකිවන පරිදි නිර්මාණය කිරීම ද විශේෂත්වයකි.

මෙම අලිවැට නිරීක්ෂණ කටයුතු සඳහා පරිසර අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, සුවදායි භූමි දර්ශන ව්‍යාපෘතියේ ජාතික ව්‍යාපෘති කළමණාකරු අජිත් සිල්වා ඇතුළු පරිසර අමාත්‍යංශයේ නිළධාරීහු පිරිසක් සහභාගි වුහ.



අදහස් (3)

ඡංගම විදුලි වැටක් සකසයි

Nimal Tuesday, 30 May 2023 10:20 PM

බැරිද ඕක ගෙනත් දියවන්නාව වටේට හයි කරන්න ,ලංකාවේ ප්‍රශ්න ඔක්කොම ඉවරයි

:       1       3

සසර Wednesday, 31 May 2023 07:06 AM

විශිශ්ටයි . දේශපාලනේ ගෑවිලා නැති නිසා අති විශිශ්ටයි .

:       0       8

Bunny Preena Wednesday, 31 May 2023 09:34 AM

අලියා බුද්ධිමත් සතෙක් .ලොකු ගසක කොටයක් ගෙනල්ලා විදුලි වැට උඩ දැම්මොත් වැට කැඩිලා යයි.ඊට පස්සේ මොකද්ද වෙන්නේ

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 359 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 431 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 403 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site