IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


චාල්ස් කුමරුටත් කොරෝනා

බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ වැඩිමහල් පුත්‍රයා වන චාල්ස් කුමරුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි ඔහුගේ කාර්යාලය අද (25) නිවේදනය කළේය.

71 හැවිරිදි වියේ පසුවන චාල්ස් කුමරු කෝවිඩ්-19 වයිරසයේ රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති බවත් එසේ වුවත් ඔහු ඉතා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත් ‘ක්ලැරන්ස් නිවස’ රාජකීය නිවෙස්නය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.


වේල්සයේ කුමරු ලෙස හැඳින්වෙන චාල්ස් කුමරු සහ ඔහුගේ බිරිඳ කැමිලා ස්කොට්ලන්තයේ බැල්මරොල් හි ස්වයං-නිරෝධායන ක්‍රියාවලියකට යොමු කර ඇති බවත් ‘ක්ලැරන්ස් නිවස’ රාජකීය නිවෙස්නය නිකුත් කළ නිවේදනයේ දැක්විණි.

‘‘චාල්ස් කුමරු වයිරසයේ මෘදු රෝග ලක්ෂණ පෙන්නුම් කරනවා. එසේ වුවත් ඉතා හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් පසුවෙනවා. එමෙන්ම ඔහු පසුගිය දින කිහිපයේදී සාමාන්‍ය පරිදි වැඩ කළා’’ යැයි ද එම නිවේදනයේ සඳහන් විය.

‘‘කෝන්වොල් ආදිපාදවරියටද (කැමිලා) වයිරසය ආසාදනය වී ඇත්දැයි පරීක්ෂා කළ. එහෙත් ඇයට වයිරසය ආසාදනය වී නැහැ. රජයේ සහ වෛද්‍ය උපදෙස් මත කුමරුත් ආදිපාදවරියත් ස්කොට්ලන්තයේ ඔවුන්ගේ නිවසේ සිට ස්වයං-නිරෝධායන ක්‍රියාවලිය අනුගමනය කරනවා’’ යැයි ද එම රාජකීය නිවෙස්නය සඳහන් කළේය.


රාජකීය යුවළට වයිරසය ආසාදනය වී ඇත්දැයි පරීක්ෂා කර ඇත්තේ ජාතික සෞඛ්‍ය සේවයයි.

‘‘කුමරුට වයිරසය ආසාදනය වූයේ කාගෙන්දැයි තවමත් නිශ්චිතව කියන්න බැහැ. එසේ කීමේ හැකියාවක් නැහැ. කුමරු පසුගිය සති කිහිපයේදී මහජනතාව හා සම්බන්ධ වුණා. උත්සව හා ඉසවු රැසකට සම්බන්ධ වුණා’’ යැයි එම සේවය කීය.

බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් රැජින (93) සහ ඇයගේ බිරිඳ පිලිප් කුමරු (98) මේ වනවිට ලන්ඩනයෙන් පිටත වින්ඩ්සර් මාළිගයට වී කාලය ගත කරති.

එළිසබෙත් රැජින සහ චාල්ස් කුමරු අවසන් වරට මුණගැසී ඇත්තේ මාර්තු 12 වැනිදා බවත් රැජින යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත් බකිංහැම් මාලිගය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

බලධාරීන්ගේ උපදෙස් මත රැජිනගේ සෞඛ්‍යට අදාළ සියලු ක්‍රියාමාර්ග ගෙන ඇතැයි ද මාලිගය නිකුත් කළ නිවේදනයේ දැක්විණි.

ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන කෝවිඩ්-19 හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් ඊයේ පස්වරු වනවිට බ්‍රිතාන්‍යයෙන් මරණ 423ක් වාර්තා වන අතර එරටින් වාර්තා වන සමස්ත ආසාදිතයන්ගේ ගණන 8,167කි.


ඒ.එෆ්.පී.
 

(055 / 085)



අදහස් (4)

චාල්ස් කුමරුටත් කොරෝනා

චාර්ලි Wednesday, 25 March 2020 11:08 AM

එයාට ඇති කොරෝනා වක් නැහැ.

:       0       0

රවින් Wednesday, 25 March 2020 11:14 AM

හප්පා , හරිම කචල් එකක් වෙන්නයි යන්නේ. අර හදවතින්ම ලස්සන ඩයනාව අයින් කරලා ගත්තු එක්කෙනාට මොකද වෙන්න යන්නේ?

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 25 March 2020 11:21 AM

මරණ රාශියක් අතරේ වැඩ කරන ඉතාලි දොස්තර කෙනෙක් මාධ්‍යට කීවේ කවුරු හෝ මේ රෝගයේ බරපතලකම හරියට දන්නවනම් ගෙදර ජනේලයෙන්වත් ඔලුව එලියට දමන්නේ නැති බවයි. මෙය එතරම්ම භයානකයි.

:       0       0

පුජා Wednesday, 25 March 2020 02:16 PM

කොරෝනාවට , දුගී පැලත් , රජ මාලිගාවත් අදාල නැත. සැමටම එකම ආකාරයට බෙදා හදාගෙන යයි. ශක්තිවන්තයෝ මේ වයිරස් නමැති රකුසාගෙන් බේරෙති. දුබලයෝ බිලිවෙති. කුමරුනි , ඔබට ඉක්මන් සුවය පතමි.!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 52 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 883 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2515 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site