
(අංජුල මහික වීරරත්න)
චීන නාවික හමුදාවට අයත් රෝහල් නෞකාවක් වන “Peace Ark” නෞකාව මේ දිනවල කොළඹ වරායේ නැංගුරම්ලා මෙරට ජනතාවට නොමිලේ ලබාදෙනු ලබන ප්‍රතිකාර සහ වෛද්‍ය පරීක්ෂණ සේවාවන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ නිරීක්ෂණයට ලක් විය.
චීන රජයේ Mission Harmony – 2024 වැඩසටහනේ අංගයක් ලෙස මෙරටට පැමිණි මෙම රෝහල් නෞකාව දෙසැම්බර් 21 වනි දා කොළඹ වරායට සේන්දු විය. එතැන් සිට අද දින (27) දක්වා මෙම නෞකාව මගින් මෙරට ජනතාවට මෙන්ම මෙරට රැදි සිටන චීන ජනතාවට නොමිලේ වෛද්‍ය පරීක්ෂණ සහ ප්‍රතිකාර සේවා ලබාදීමට කටයුතු කරනු ලබයි.
මෙම රෝහල් නෞකාවේ මැදිහත්වීමෙන් මෙරට සහ ලෝක ජනතාවට ලබාදෙන සෞඛ්‍ය සේවාවන් මෙන්ම සිදු කරනු ලබන මානුෂීය ප්‍රයත්නය මෙහිදී ඇගයීමට ලක්කළ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙරට මහජන සෞඛ්‍ය ඉහළ නැංවීමට සහායවීම තුලින් ශ්‍රී ලංකා චීන ද්විපාර්වික සබඳතා තව තවත් ශක්තිමත් වන බව මෙහි දී පෙන්වා දුන්නේය.
ඉතා දීර්ඝ කාලයක සිට මෙරට සෞඛ්‍ය, ආර්ථික, අධ්‍යාපන, සාමාජීය කටයුතු වල උන්නතිය වෙනුවෙන් චීන සමූහාණ්ඩුව මැදිහත්ව කටයුතු කරනු ලබන බවත් එය ඉතා අගය කොට සළකන බව ද අමාත්‍යවරයා මෙහිදී කීය.

2025 දෙසැම්බර් මස 04
701
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
චීන වෙද නැවට සුව ඇමතිත් යයි
Perera Saturday, 28 December 2024 09:10 AM
මතුපිටින් නම් සමාජ සක්‍රීයතාවයක යෙදෙන වෙද නැවක් තමයි. ඒත් ... එක්කෝ ඕනෙ නැහැ.