(අංජුල මහික වීරරත්න)
ඝාතනයට ලක් වූ කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරියක ලෙස කටයුතු කළ නෙටොල්පිටිය වැලිආරේ දීපශිඛා ලක්රුවනි මහත්මියගේ නිවෙසට ගිය කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම නිලධාරිනියගේ පවුලේ මව්පියන් ඇතුළු ඥාතීන්ට රජය වෙනුවෙන් හා කෘෂිකර්ම අමාත්‍යාංශය වෙනුවෙන් කනගාටුව පළ කළේය.
එමෙන්ම මෙම ඝාතනය සම්බන්ධව අපක්ෂපාතීව විමර්ශන කටයුතු සිදු කරන බවත්, එම නිලධාරිනිය රාජකාරි කටයුතු සඳහා යමින් සිටිය දී සිදු වූ මෙම ප්‍රහාරය හේතුවෙන් ඇයගේ දිවි අහිමි වී ඇති හෙයින් එවැනි අවස්ථාවක දී රාජ්‍ය සේවයේ නිලධාරියෙකුට හිමි වන සියලු වරප්‍රසාද ඇයගේ පවුලට ලබා දීමට පියවර ගන්නා බවත් සඳහන් කළේය.
එමෙන්ම මෙම කටයුතු සඳහා අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා ලෙස අමාත්‍යවරයා ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද පියවරක්. එසේම, මෙම කෘර ඝාතනය සිදු කළ මිනී මරු සජබ අපේක්ෂකයාට විපක්ෂ නායකතුමා කුමක් කරන්නේ දැයි අපි බලා සිටිමු.
මේ පාර ඝාතකයා npp කෙනෙක් නෙවෙයි ද
සියළු වරප්‍රසාද දෙන්න නියෝග කරයි. මේවා විහිළු අනේ. මොනවද ඔය කියන වරප්‍රසාද ? . මෙයාලා මේ ගමකට යන්න බැරුව ඉන්නේ දැන්. මළ ගෙයක් හරි කමක් නෑ දැන් අනුකම්පාව ගන්න රිංගනවා. අන්න දැන් පැයකට කලින් අම්බල්න්තොට පැත්තේ දී හූ සංග්‍රහයක් කරලා. මතකයි අපට ලලිත් අඹන්වල මහත්තයාගේ සිද්ධියේදී වහාම ක්‍රියාත්මක වෙලා වරප්‍රසාද දුන්න විදිහ.
මොනවද ඔය කියන වරප්‍රසාද ? දේසපාලුවෝ කොහොමටත් නියෝග දෙන්ඩනම් දස්සයි .කාලකන්නි අදමයෙක් නිසා වටිනා තරුණ ජීවිතයක් නැති උනා.හරිම කණගාටුදායකයි .