
(අංජුල මහික වීරරත්න)
ගෝලීය අවශ්‍යතා නිසි පරිදි සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සම්බන්ධයෙන් වන ඉදිරි සැලසුම් සකස් විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ශ්‍රී ලංකාවේ ප්‍රගමනයට ඉවහල් වන සේ මානව සම්පත වැඩිදියුණු කිරීම සඳහා දරුවන් දැනුමෙන් සන්නද්ධ කළ යුතු බව ද ජනාධිපතිවරයා කීය.
ජනාධිපතිවරයා මේ බව කීවෙි ජනාධිපති ලේකම් කාර්‍යාලයේදී අද (16) පැවති අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශවල ප්‍රගති සමාලෝචන සාකච්ඡාවට එක්වෙමිනි.
ඉදිරි අවුරුදු දහය තුළ ලෝකයට අවශ්‍ය වන මානව සම්පත නිර්මාණය කිරීමේ මෙහෙයුම අධ්‍යාපන නිලධාරීන්ට පැවරෙන වගකීමක් බව කී ජනාධිපතිවරයා ඒ සඳහා වන පුළුල් දැක්මක් සහිතව අධ්‍යාපන ව්‍යාපෘති සකස් කිරීමේ ඇති අවශ්‍යතාවද පෙන්වා දුන්නේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අමාත්‍යාංශ ප්‍රගති සමාලෝචනයේදී අධ්‍යාපන , විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශවල ක්‍රියාත්මක ව්‍යාපෘති පහක් සම්බන්ධයෙන් පුළුල්ව සාකච්ඡාවට බඳුන් කෙරිණි.

COMMENTS
අධ්‍යාපනය සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් විය යුතුයි. නැත්නම් අවුරුදු 5 න් පහට එන අය මේක වනසනවා.
ගෝලීය අවශ්‍යතා සලකා අධ්‍යාපනය සකස් විය යුතු බව තේරුම් යාමට අනුරට ජනාධිපති වෙනතුරු සිටීමට සිදුවීම කණගාටුවට කරුණකි. දැනට වසර 25ක සිට වෙනස්වන ගෝලීය අධ්‍යාපනය තරමට වෙනස්වනවට විරුද්ධව කටයුතු කිරීමේ ප්‍රතිඵල ඔහුට දැනෙන්නට පටන්ගෙන ඇති බවක් සහ ඔහු jvp නොව මාලිමාවේ ප්‍රතිපත්තීන් අනුව කටයුතු කරනා බව පැහැදිලි වේ.
තව මාස හයට බංකොලොත්.
මොන පක්ෂේද , පුද්ගලයා කළුද සුදුද කියලා අදාළ නැහැ. අපේ රටේ අධ්‍යාපනය හැකි ඉක්මනින් ලෝකෙට ගැලපෙන ලෙස වෙනස්කලොත් අපි එකෙන්ම ඊට එකඟ වෙනවා. බලන්න අද ටියුෂන් මාෆියාව අපේ අධ්‍යාපනය අත්පත්කරගෙන සිටින අපූරුව දිහා. අපේ රටේ විශාල පවුල් ගණනකට මේ ටියුෂන් නිසා දරන්න වෙලා තියෙන අමතර වියදම් නැතිකළොත් ජීවන බරට ලොකු සැහැල්ලුවක්... ඒ වගේම ටියුෂන් මාෆියාව නියමිත ලෙස බදු ගෙවන්නේ නැහැ. අනික විශේෂයෙන්ම උසස්පෙළ විභාගය කියන්නේ ටියුෂන් ඔස්තර්ලට විතරක් නෙවෙයි ප්‍රශ්නපත්‍ර හදන අයට පවා ආදායම් මාර්ගයක් කරගෙනයි තියෙන්නේ. මොකද සමහරු උසස්පෙළ ඉලක්ක කරගෙන පොත් ලියලා එහි අන්තර්ගතයෙන් විභාගයට ප්‍රශ්න හදනවා. උසස්පෙළ ළමුන්ට නව ලොවට ගැලපෙන විෂය සංයෝජන හදන්න නොදෙන්නෙත් මේ ටියුෂන් මාෆියාවේ සල්ලි බවයි පෙනෙන්නේ...
දැන්වත් තේරුණා නම් හොඳයි. පහුගිය අවුරුදු ගාණක් තිස්සේ ජේවීපී අවශ්‍යතා අනුවනේ ලන්කාවේ අධ්‍යාපනය ගෙනියන්න සිද්ධ වුනේ. නවක වදය, පක්‍ෂයට සල්ලි එකතු කරන්න කැට දීලා අලුත් සිසුන්ව පාරවල් දිගේ බස් කෝච්චි ගානේ ඇරීම, හැම දෙයටම වර්ජනයක් කිරීම, ඉංග්‍රීසි භාෂාවෙන් ඉගෙන ගන්න සිසුන්ට හිරිහැර කිරීම සහ ජයවර්ධනපුර සිසුවෙක්ව... ඒ නිසාම මරණයට පත්කිරීම යන කී නොකී කීයක් දේට ඔබලා වග කියන්න ඕනෑද? ඕස්ට්‍රේලියාවේ ඉගෙනගෙන ආපු අගමැතිණියවත් කියන්න ඒ විශ්ව විද්‍යාලවල නවක වදයක් තිබුණාද? ඔබ කරදරයක් නැතුව තමන්ට ඕනෑ නම් ඉගෙන ගත්තා නේද? ඒකත් ගෝලීය අවශ්‍යතාවයක් තමයි. දැන්වත් ඔය අධාර්මික දරුණු ප්‍රතිපත්ති නවත්වලා හරි පාරේ යන්න.
පහු ගිය කාලවල හිටපු අධ්‍යාපන ඇමතිවරු කීදෙනෙක් ඔය නවක වදය නවත්වන්න හැදුවාද? ඒ හැම දෙයටම විරුද්ධවෙලා වර්ජන කෙරෙව්වා නේද? දැන් බලය ලැබුණාම නේද රටට කරපු විනාසයේ තරම තේරෙනවා ඇත්තේ. පුළුවන් නම් නවක වධය නවත්වන්න. අපේ රටේ ආර්තිකය කෑවේ මහ පක්‍ෂ විතරක් නෙවෙයි. විනාශකාරී වර්ජන සහ විශ්වවිද්‍යාල අධ්‍යාපන කාල සීමාවන් දික්කරපු ජේවීපී සහ පෙරෙටුගාමියෝත් රට විනාශ කරන්න දායක වුණා. ඒ නිසා දැන් ලැබුණු වරමින්වත් පවු සමා කරගන්න හරි හෝදගන්න හරි කියලා නවක වදය නවත්වලා අපේ රටෙනුත් නිදහස් අධ්‍යාපනයේ නියම ප්‍රතිඵල ගන්න අපේ දරුවන්ට ඉඩ දෙන්න....
තරඟ විභාග මානසිකත්වයත්, ක්‍රමයත් එක්ක කවදාවත් ගෝලීය අවශ්‍යතාවලට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් බිහි වෙන්නේ නැහැ. ප්‍රාථමික පෙළපොත් බැලුවාම පෙනුණු දෙයක් තමයි, ඒවා සැලසුම් කරලා තියෙන්නේ උගත්කමින් අනූන ආචාර්ය, මහාචාර්යවරු. නමුත් ළමා මනස ගැන මෙලෝ අවබෝධයක් නැහැ.
ඕනෑම රටක, අධ්‍යාපන සැලසුම් කර ඇත්තේ එම රටේ අවශ්‍යතා සපුරාලීම සඳහා මිස ගෝලීය අවශ්‍යතා සපුරාලීම සඳහා නොවේ. මෙයින් පෙන්නුම් කළේ මෙම ජනාධිපතිවරයාට හෝ ඔහුගේ කණ්ඩායමට සැලැස්මක් නොමැති බවයි...