
(තිලකරත්න දිසානායක)
ගම්පහ ගෝතමී විද්‍යාලයේ ශිෂ්‍ය නායක නායිකාවන්ට නිල ලාංඡන පැළඳවීමේ උත්සවය " ගෝතමී සිසු නියමු අභිෂේකය - 2023 " එම විදුහල් ශාලාවේදී පැවැත්විණි.
උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ගෝතමී විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වූ ගම්පහ කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් රෝහණ මහතා සහභාගිවූ අතර මෙහිදී ශිෂ්‍ය නායක නායිකාවන් 110 දෙනකු නිල ලාංඡන පැළඳවීම සිදු කෙරිණි.
විදුහල්පති උපාලි විජේවර්ධන මහතාගේ මඟපෙන්වීම මත උත්සවය සංවිධානය කොට තිබූ අතර මෙහිදී ප්‍රධාන ශිෂ්‍ය නායක ලෙස පසිදු විදුදර සිසුවාටත් , ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ලෙස තීක්ෂණ නෙත්මිණි සිසුවියටත් නිල ලාංඡන පැළඳවීම සිදු කළහ.
මෙම අවස්ථාවට විදුහල්පති උපාලි විජේවර්ධන මහතා ඇතුලු නියෝජ්‍ය සහ සහකාර විදුහල්පතීන් , ආචාර්ය මණ්ඩලය , පාසල් කිහිපයක විදුහල්පතිවරු , සිසු දරුවෝ සමග මව් පියවරු පිරිසක්ද එක්ව සිටියහ.

2025 දෙසැම්බර් මස 30
61
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
723
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
344
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ගෝතමී සිසු නයුවෝ ලාංඡන පළදිති