
(මනෝප්‍රිය ගුණසේකර)
හෙරොයින් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් පෑලියගොඩ විශේෂ විමර්ශන ඒකකය අත්අඩංගුවට ගත් කාන්තාවක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිකුත් කළ රැදවුම් නියෝගය නීති විරෝධී බවට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය මූලික අයිතිවාසිකම් කඩවු කාන්තාවට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවීමට රජයට අද නියම කළේය.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයක් නොමැතිව රැඳවුම් නියෝගයක් නිකුත් කිරීම මගින් පෙත්සම්කාරියගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඇයට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවීමට රජයට නියම කළේය.
හෙරොයින් ලඟ තබාගැනීම සම්බන්ධයෙන් පෑලියගොඩ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් හේනේගම, පොකුණුවිට පදිංචි එම්.කේ. ප්‍රියදර්ශනී මදුරප්පෙරුම මහත්මිය ගොනුකළ මුලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව එම තීන්දුව ප්‍රකාශයට පත්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය එසේ නියෝග කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන එස්. තුරේරාජා, දිලීප් නවාස් සහ මහින්ද සමයවර්ධනය යන මහත්වරුන් හමුවේ පෙත්සම විභාග කෙරිණී.
COMMENTS
තනතුරේ ඉන්නකොටත් කලේ රිවර්ස් කරන එක විතරමයි. කරුමෙක මහත කියන්නෙ, ගෙදර ගිහිල්ලත් රිවර්ස් කරන එක නතර වෙලා නෑනෙ.
වැරදි කෙරුවොත් කපලදාන්න ඕන. ලකුණු -- වෙන මොනවත් එහෙම හිතන්න එපා.
ගෝඨාගේ මෝඩකං ගැන අහන්න ඕනේ ලොස් ඇන්ජලිස් පැත්තේ ලංකාවේ මිනිස්සුන්ගෙන්…..
ගැණියෙක් පිරිමියෙක් කරන්නටත්, පිරිමියෙක් ගැණියෙක් කරන්නටත් විතරක් බෑ කිව්ව ජනපතිට බලාගෙන ගියාම මෙහෙම නියෝගයක්වත් දෙන්න බලයක් නැහැ. එහෙමනම්?
ලංකා ඉතිහාසයට කලු පැල්ලමක් එකතු කරපු ජනපති