(අංජුල මහික වීරරත්න)
මේ වසරේ ජනවාරියේ සිට අද (11) දක්වා රට පුරා කළ වැටලීම් වලින් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 934.55ක ප‍්‍රමාණයක්ද අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1402.976ක් සහ ගංජා මත්ද්‍රව්‍ය කිලෝ 11620.068ක් අත්අඩංගුව ගෙන ඇතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය කියයි.
මෙම වැටලීම්වලදී හෙරොයින් සම්බන්දයෙන් පුද්ගලයන් 39627ක් ද අයිස් මත්ද්‍රව්‍ය සම්බන්දයෙන් පුද්ගලයන් 47 615ක් ද ගංජා සම්බන්දයෙන් පුද්ගලයන් 42620ක් ද අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.
මත්ද්‍රව්‍ය හා පාතාල ක‍්‍රියාකාරකම් මර්දනය කිරීම අරමුණු කර ගෙන මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ මේ වන විට දෛනිකව ශ‍්‍රී ලංකා පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය හා ත‍්‍රිිවිධ හමුදාව එක්ව සිදු කරනු ලබන දෛනික මෙහෙයුම් මාලාවේ ඊයේ (10) සිදු කළ මෙහෙයුම් මගින් මත්ද්‍රව්‍ය සම්බන්දව පුද්ගලයන් විශාල සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන ඇත.
ඊයේ දිනය පුරා ශ‍්‍රී ලංකා පොලිසියේත්, පොලිස් විශේෂ කාර්ය බලකායේත් ත‍්‍රිවිධ හමුදාවේත් 7185 දෙනෙකු සම්බන්ධ වී මෙම විශේෂ සෝදිසි මෙහෙයුම් සිදු කර ඇත. එහිදී පුද්ගලයන් 28858 දෙනෙක් පරීක්ෂාවට ලක් කෙරුණු අතර වාහන 11162ක්ද යතුරු පැදි 9054ක ප‍්‍රමාණයක්ද පරීක්ෂාවට ලක් කර ඇත.
එකී වැටලීම් වලදී මත්ද්‍රව්‍ය සම්බන්දයෙන් පුද්ගලයන් 975 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර අපරාධවලට සෘජු ලෙස සම්බන්ධ පුද්ගලයන් 21 දෙනෙකුද වරෙන්තුකරුවන් 422 දෙනෙකුද අත්අඩංගුවට පත්ව ඇත.
නීති විරෝධී ගිනි අවි 5ක්ද අත්අඩංගුවට ගෙන ඇත.
එමෙන්ම මෙකී මෙහෙයුම් අතරතුරදී මහාමාර්ගයේ රථවාහන වැරදි සම්බන්දයෙන්ද මෙහෙයුම් පුළුල් කර ඇති අතර ඒ අනුව බීමත් රියදුරන් 118ක සංඛ්‍යාවක් අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත. එමෙන්ම අපරීක්ෂාකාරී රිය ධාවනය ඇතුළු රථවාහන වෙනත් වැරදි සම්බන්දයෙන් පුද්ගලයන් 3595ක් සදහාද ශ‍්‍රී ලංකා පොලීසිය මගින් නෛතික පියවර ගෙන ඇත.
ඒ අනුව මත්ද්‍රව්‍ය තුරන් කිරීම සදහාත් සංවිධානාත්මක අපරාධකරුවන්ගේ ක‍්‍රියා කලාපය මර්දනය කිරීම සදහාත් රිය අනතුරු අවම කිරීම සදහාත් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ අධීක්ෂණය මත ශ‍්‍රී ලංකා පොලීසියේත් ත‍්‍රිවිධ හමුදාවේත් සහභාගීත්වයෙන් මෙහෙයුම් අඛණ්ඩව විශාල වශයෙන් ක‍්‍රියාත්මක වෙමින් පවතින බව අමාත්‍යංශය කියයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
ගෙවුණු මාස 07ට ’’අයිස්’’ කිලෝ 1402ක් අත්අඩංගුවට
Perakum Liyanagama Monday, 11 August 2025 07:38 PM
ඔව් ඉතිං ලොකුවට ගණන් ඉලක්කම් පෙන්නනවා විතරයි. කාට හරි කවදා හරි දඬුවමක් දුන්නු බවක් අහලා තියනවාද?