
(කේ. බුද්ධික කුමාරසිරි)
මෙම වසර ආරම්භ වී අද (23) දක්වා කාලය තුළ දී වෙඩි තැබීමේ සිද්ධි 27 ක් වාර්තා වී ඇති අතර එම සිද්ධීන් නිසාවෙන් පුද්ගලයන් 22 ක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පවසයි.
එම වෙඩි තැබීමේ සිද්ධි වැලිගම ,අහුංගල්ල ,දෙවිනුවර ,ගල්කිස්ස, දොඩංගොඩ, මන්නාරම, අම්බලන්තොට ගාල්ල ,කොටහේන ,මිනුවන්ගොඩ ,මිත්දෙණිය ,ජාඇල ,ගම්පහ, වැලිවේරිය ,මිදිගම ,අම්බලන්ගොඩ ,දෙවුන්දර ආදී පොලිස් වසම් රැසකදී සිදුවී ඇතැයි කියයි.
COMMENTS
ඔය මිනිමැරීම් බොහෝමයක් සිදුවෙලා තියෙන්නේ දකුණු පළාතේ දකුණට පාතාල සංස්කෘතිය හඳුන්වාදීමට අවුරුදු ගණනාවක් රට කරපු සමහර නායකයින් ඔවුන්ගේ නෑයින් මෙන්ම ගෝලබාලයින්ද ආධාර උපකාර කළාද යන්න සැකයක් තියෙනවා..
මේවා ජාතික ආරක්ෂාවට අදාළ නැහැ හොඳේ... කුහක ජෙප්පන්ට තරහ යන හින්දා අපි එහෙම කියමු.
තාම ටියුශන් පන්තිය පටන් ගන්න බැරි වුණා. බිකෝස්, බංකුව හදන ගමන්, හදපු ගමන් දෙනවා ටියුශන් එකක් ආයේ ලොවෙත් නැති වෙන්න. පොඩ්ඩක් බලන් ඉන්න.
පාතාලේ තියෙන්නේ තනිකරම බලයේ ඉන්න පක්ශේ දේශපාලකයින් අතේ... පාලකයින් නොදැන කිසිම දෙයක් රටේ වෙන්නේ නෑ කියලා තමයි එදා අනුර කුමාර කිව්වේ...!
ඉතාම කණගාටුයි... ජනපතිතුමාගේ ඉක්මන් අවධානය...!
කයියනායකලාගේ පස් මසක ශේෂ පත්රය! අහෝ දුකකි, තිතකි, ඉරකි!
මේකත් රිලවෙකුට හරි, සාටකයට හරි බාරකරන මාලිමා වලල්ලු ටිකක් තාමත් ඉන්නවා.
තමන්ගේ මුළු දේශපාලන ජීවිතය තුළම කිසිඳු සංවර්ධන කාර්ය්යකට දායක නොවූ විනාශයම ජීවිතය කරගත් වනචාරීන් රැලකගෙන් රටේ සංවර්නධය හෝ ආරක්ෂාව බලාපොරොත්තු වීම ඉතාම නිශ්ඵල කටයුත්තක් බව නුදුරේම මිනිසුන්ට වැටහෙනු ඇත.
පාතාලෙට දේශපාලන රැකවරණ නැහැ, ඔක්කොම සාක්ෂි නැති කරලා දානවා. ඕක තේරෙන්නේ නැති බත් කන හරක් ටිකක් ඉන්නවා. එකම දුක අර දරුවෝ දෙන්න ගැන. දෙමව්පියන්ට වැරදි කරන්න කලින් පවුල ගැන හිතුවා නම්, ඒ දරුවන් අදත් ජීවත් වෙනවා
ඉතින් තාම ආණ්ඩුවටත් වයස මාස හයයි නේ