(සුජිත් හේවාජුලිගේ )
ශ්‍රී ලංකන් ගුවන් සේවය ආයෝජකයකුට විකිණීම සඳහා ලබන 5 වැනිදා ලංසු විවෘත කරන බව වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පැවසීය
ආයෝජකයන්ට එදින උදේ10.00 සිට සවස 2.00 දක්වා හැකි බවද ඔහු සඳහන් කළේය.
ලන්සු විවෘත කර ඇගයීම සඳහා තාක්ෂණික කණ්ඩායමක් සහය දක්වන බවත් ලන්සු ඇගයීම් වාර්තාව අනතුරුව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් අමාත්‍යවරයා කීවේය.
COMMENTS
ආසියාවේ හොඳම මොලේට එයාපෝර්ට් එකක්වත් හැඩල් කර ගන්න බැරිද ?
මොකට ඔය නාකින්ව අපේ බදු මුදල් වලින් නඩත්තු කරනවද.ඔය ටික කරන්න ඇමතියෙක් ඕනද
කොහෙන් හරි හොරා කන්න හදන්නෙ රටට හෙන ගැහුවත් කාලකන්නි නිදිමතයා
තිබෙන සම්පත් සහ නය කන්දරාව සංසන්දනය කරහම කවුරුවත් ඕක සල්ලි දීල ගන්න කැමති නැහැ , කල හැකි එකම දෙය සමාගමේ බංකොලොත් භාවය ප්‍රක්ෂාකර සමගම වස දමල වෙන නමකින් අලුත් කළමනාකාරිත්වයක් යටතේ නව සමාගමක් ආරම්භ කිරීමය , දැනට කරන විදිහට සමාගමේ පාඩු පියවගන්න රාජ්‍ය බැංකු වලින් සහ භාණ්ඩාගාරයෙන් වසරක් පාසා රුපියල් කොටි දහස් ගණනක් පොම්ප කිරීම විශාල අපරාධයක් ,ජනතා මුදල් නිකරුනේ නාස්ති කිරීමක්
ලංසුව ටිකක් අඩු වුණත් ගුවන් ගමනේදී අපිට විස්කිදෙන සමාගමකට විකුණා දමන්න. අඩු වශයෙන් ඒ සමාගම් ලබන ලාභයෙන් රටට බදු ලබාගන්න පුළුවන්. ප්‍රශ්නය ගුවන් සමාගම දැනටමත් අරන් තිබෙන නයත් ලංසුවට අයිතිද කියන එකයි. පාඩු ලබමින් මෙවන් ගුවන් සමාගමක් නඩත්තු කරන්නේ කාගේ ප්‍රයෝජනයටද?
ශ්‍රී ලංකන් සේවකයන්ට කතාකල විදියට මොහුට එරෙහිව ඔවුන්ට නඩුවකට යන්න බැරිද? ඒ තරමට නින්දිත ලෙස කතා කලා නේද. වරද රාජපක්ෂ පවුලේ. වන්දි ගෙවීම රටම සහ සේවකයෝ.. මෙහෙමත් බලු දේශපාලනයක්...