(ටී.කේ.ජී.කපිල )
කටුනායක ගුවන් තොටුපොළ තුළ බැංකු ස්ථාපිත ප්‍රදේශයට පිවිස , මුදල් මාරු කරන මුවාවෙන් එම ප්‍රදේශයේ ගැවසෙමින් සිට ගුවන් මගීන්ගේ ගමන් මලු සොරා ගන්නා යුවළක් ගුවන් තොටුපොළ පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.
මොවුන් දෙදෙනා කැළණිය , දිප්පිටිගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර පිරිමි පුද්ගලයා 36 හැවිරිදි වේ. කාන්තාව 35 හැවිරිදිය.
මෙහි පිරිමි පුද්ගලයා තම බිරිඳගේ ගමන් බලපත්‍රය රැගෙන කටුනායක ගුවන් තොටුපොළ බැංකු පිහිටි ප්‍රදේශයට පැමිණ , දෙස් විදෙස් සංචාරකයන් තම ගමන් මලු පසෙක තබා , ඔවුන් රැගෙන එන විදේශ මුදල් එම බැංකු වලින් ශ්‍රී ලංකා රුපියල් වලට මාරු කරමින් සිටින අවස්ථා වලදී , ඔවුන්ගේ අවධානය මුදල් මාරු කිරීම පිළිබඳ යොමු වී පවතින අවස්ථාවේ , මොහු ඔවුන්ගේ ගමන් මලු රැගෙන පළා යාම සිදු කිරීම කර තිබේ .

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.