(රෝෂන් තුෂාර)

ගුරු විදුහල්පති සමිති සම්මේලනය ඇතුළු ගුරු සංගම්  පොල්දූව මංසන්ධියේ අද පැවැත්වීමට නියමිත උද්ඝෝෂණය ප්‍රචණ්ඩකාරී හා කලහකාරී ලෙස පැවැත්වීම වළක්වමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල  මහතා අද (05) පෙරවරුවේ නියෝගයක්  නිකුත් කළේය.

ගුරු විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීම යන ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් මෙමඋද්ඝෝෂණය සංවිධානය කර තිබිණි

වැලිකඩ පොලිස් ස්ථානයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක චින්තක අනුරාද මහතා ගොනු කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කළ මහේස්ත්‍රාත්වරයා සඳහන් කර සිටියේ අදාළ නියෝගය මහජන පීඩාවන් වැලැක්වීමට  හා කලහ කාරී හා ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීම හැසිරීම වැළැක්වීමට පමණක් නිකුත් කරන බව ය .

අද දින පාර්ලිමේන්තුව රැස්වන දිනයක් බැවින් ඉල්ලීම් හයක් මුල්කරගනිමින් මෙම ඉල්ලීම කළේය .

ගුරු විදුහල්පති සමිති සම්මේලනයේ ලේකම් ජෝසප් ස්ටාලින් ,ලංකා ගුරු සේවයේ සමිතියේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ ,සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ ලේකම් පඤ්ඤාසාර හිමි ,ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමයේ ලේකම් මොහාන් වීරසිංහ ,විදුහල්පති සේවා සංගමයේ සභාපති සුනිල් ප්‍රේමතිලක ,ඒකාබද්ධ ගුරු සේවා සංගමයේ ලේකම් සංජීව බණ්ඩාර ,ලංකා ප්‍රගති ගුරු සංගමයේ ලේකම් මයුර සේනානායක,ස්වාධීන අධ්‍යාපනය සේවක සංගමයේ සේවක සංගමයේ සභාපති ජගත් ආනන්ද සිල්වා යන විත්තිකරුවන්ට  මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණි.

( ජායාරූප - රුෂිරු කොළඹතන්ත්‍රිගේ )