
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ශාන්ත ප්‍රදීප් කුමාර)
කොට්ටාව පන්නිපිටිය හෝකන්දර ප්‍රදේශයේ විශ්‍රාමික ගුරුවරයකුගේ නිවසෙහි ගෑස් සිලින්ඩරය පිපිරීමෙන් මුළුතැන්ගෙට අලාභානි වී ඇතැයි කොට්ටාව පොලිසිය කියයි.
අලුයමදී මෙම පිපිරීම සිදු වී ඇති අතර ඒ අවස්ථාවේදී නිවැසියන් නින්දේ පසු වී ඇතැයි පොලීසිය සඳහන් කරයි
මුළුතැන්ගෙයි දෙසින් පිපිරීමේ ශබ්දයක් ඇසීමෙන් අනතුරුව සිදු කළ පරික්ෂාවේදී ගෑස් සිලින්ඩරය තිබූ ස්ථානයෙන් ඉවත්ව ඇති අතර මුළුතැන්ගෙයි සිවිලිමට අලාභානි සිදු වී ඇතැයි පොලිසිය කියයි
ගෑස් සිලින්ඩරයේ රෙගුලේටරය අසලින් ගැලවී ගොස් ගොස් මෙම පිපිරීම සිදුවී ඇතැයි පොලිසිය කියයි
කොට්ටාව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුභාෂණ මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෞභාග්‍ය දැක්ම යටතේ ඔබට නොමිලේ ගිණිකෙළි..
දැන් මේ 4 වෙනි එක. පාරිභෝගික අධිකාරියක් නැද්ද මේ රටේ.?
අදාල ගෑස් සමාගම්වලට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළයුතුයි. ප්‍රමිතියකින් තොරව ගෑස් විකිණීම මිනීමැරීමට කරන අනියම් උත්සාහයක්...
මේ බොරුවක්ද කොහෙද.?
ගෑස් ටැංකිය පිපිරුනාම සෞභාග්‍ය දැක්ම නම් ඔහෙට මලබද්ධය ඇති උනාමත් සෞභාග්‍ය දැක්මද? උම්බැ කියනකොට අපි දන්නවා සතා මොකාද කියලා.