IMG-LOGO

2025 ඔක්තෝබර් මස 17 වන සිකුරාදා


ගෑස් ටැංකියක් පුපුරා හතරක් මරුට:තවත් හතරකට තුවාල

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කුරුණෑගල වැහැර ප්‍රදේශයේ ගෑස් ඉන්ධන හලකින් ලොරි රථයක ගෑස්ටැංකියකට ගෑස් පුරවද්දී එය පුපුරා යාමෙන් පුද්ගලයන් සිව් දෙනකු මිය ගොස් තවත් පුද්ගලයන් සිව් දෙනකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි කුරුණෑගල පොලිසිය කියයි.

එම අවස්ථාවේදී ඇතිවූ ගින්න පාලනය කිරීම සඳහා කුරුණෑගල පොලිසි ස්ථානයේ නිලධාරීන් හා කුරුණෑගල මහ නගර සභා ගිනි නිවීමේ ඒකකය නිලධාරීන් එක්ව ගින්න මැඩ පවත්වා ඇත.

මියගිය පුද්ගලයන්ගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නැතැයි පොලිසිය.

මෘත ශරීර එම ස්ථානයේ පොලිස් ආරක්ෂාව යටතේ තබා ඇති අතර මහේස්ත්‍රාත් පරීක්ෂණයක් සිදු කිරීමට නියමිතය කුරුණෑගල පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.



අදහස් (15)

ගෑස් ටැංකියක් පුපුරා හතරක් මරුට:තවත් හතරකට තුවාල

Kusum Tuesday, 08 April 2025 09:31 AM

මේක එකත් එකටම රිලවෙක්ගේ වැඩක් වෙන්න ඕනෑ

:       73       21

aryisTuesday, 08 April 2025 10:11 AM

නමෙන් නම් රිලවියක් වගේ

:       21       61

Kusum Tuesday, 08 April 2025 10:35 AM

Aryis, රිලා සංඛ්‍යානය වෙලාවේ කොහෙද හිටියේ?

:       42       14

AmdaTuesday, 08 April 2025 10:47 AM

පිස්සුද woman, මෙතන මිනස්සු මැරිල තියෙන වෙලාවක් නිවුස් කියවන්ඩ ඉගෙනගෙන නැද්ද මොලෙත් නෑ ඒ මදිවට

:       6       40

aryis Tuesday, 08 April 2025 10:57 AM

Amda ට තේරුණා මගේ කමෙන්ටුවට. මිනිස්සු (දේශපාලකයො නෙවේ) කරදරේ වැටිල ඉන්න වෙලාවට රිලා වැඩ හොඳ නෑ.

:       4       40

Damith Tuesday, 08 April 2025 10:44 AM

කුසුම්, සමහර වෙලාවට satajayak කියලා කියන්නත් ඉඩ තියෙනවා. එච්චරට බැරි බඩු

:       24       4

Lalith Tuesday, 08 April 2025 10:45 AM

Aryis , පොඩි රිලවා

:       37       5

මංජුල Tuesday, 08 April 2025 10:52 AM

මරණයක් විහිළුවට ගෙන කොමෙන්ට් කරන පුදුම මිනිස්සු අපිට නම් සිද්ධිය ගැන කනගාටුයි

:       5       51

Third Eye Tuesday, 08 April 2025 11:56 AM

කොමෙන්ට් කරන බොහොමයක් හරකුනේ, මෙතන අහින්සක මිනිස්සු පිරිසක් මැරිලා. තොපි ඒක දැක්කේ නැද්ද? ඊලග ගෑස් ටැංකිය තොපිටයි පිපිරෙන්න ඔිනේ.

:       4       25

The Three Idiots Tuesday, 08 April 2025 02:46 PM

Third Eye යයි, මමයි දෙන්නාම කමෙන්ට් කරපු අය ගොඩට වැටෙනවා.

:       0       0

චන්දිම Tuesday, 08 April 2025 01:22 PM

ගෑස් භාවිතා කරන ලොරි රථ මේ රටේ තියෙනවද?

:       0       11

බකල ජයාTuesday, 08 April 2025 02:48 PM

චන්දිම, එකක් නම් තිබුණා ඔය කුරුණෑගල පැත්තේ...

:       0       0

AlponsoTuesday, 08 April 2025 07:05 PM

මෙතන ලාෆ්ස් ගෑස් තියෙන්නෙ ඒ බවුසරේට පුරවන වෙලාවක තමා මහා ශබ්ධයක් නගමින් පිපිරිලා තියෙන්නෙ. මේ සමාගම ගෑස් මොකටද පිරවුම් හලකම පවත්වගෙන යන්නෙ නම් මන්ද මීට වඩා විනාශයක් වෙන්ඩ තිබුණා අහිංසක දරුවන්ට තාත්තල අහිමිවෙලා. ඒ අස්සෙ ඡන්ද පැරදිල කෝචොක් දාන්ඩ එපා. මිනිස්සුන්ට වැරදිලා නෑ.

:       0       1

සුනෙත් හේමන්ත Tuesday, 08 April 2025 02:04 PM

ලංකාවෙ සේප්ටි ස්ටෑන්ඩර්ඩ් නම් අන්තිමයි. කිසිම නියාමනයක් නෑ. ඒකට අපේ අයියලත් හරියටම හරියනව. සෙඩ් එකේ සිගරට් බොන අයනෙ ඉන්නෙ. පව් අහිංසක ජීවිත.

:       0       15

Perera Tuesday, 08 April 2025 02:53 PM

ලොරි රථයේ ගෑස් ටැංකිය කියලා සඳහන් කරලා තියෙන්නේ බ්‍රේක් වැකුම් ටැංකියටද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 929 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1009 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 402 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site