IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ගැසට්ටුව ගැන විජයදාසගෙන් ප්‍රකාශයක්

(සුජිත් හේවාජුලිගේ )

විසි දෙවෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය ජනාධිපතිවරණය අවසන් වන තෙක්  නිකුත් කිරීම නොකරන ලෙසට තමා අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දුන්නේ ජනතාව ගැන සිතා සද්භාවයෙන් බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා  ලංකාදීපයට පැවසීය.

මෙවැනි ගැසට්  නිවේදනයක් නිකුත් කිරීමෙන්  ජනාධිපතිවරණය කල් දැමීමට උත්සාහ දරනවා දැයි ජනතාව අතරේ භීතියක් ඇතිවන  හෙයින් එය වැළැක්වීමේ අරමුණින් තමා එම ක්‍රියාමාර්ගය ගත් බවත් ඇතැමුන් ඊට වෙනස් මතයක සිටින්නේ   නම් ඒවායේ ප්‍රතිඵල ඒ අයම බාරගත යුතු බවත්  ඔහු සඳහන්   කළේය.



අදහස් (8)

ගැසට්ටුව ගැන විජයදාසගෙන් ප්‍රකාශයක්

B Amarasinghe Saturday, 20 July 2024 04:59 AM

මේ දෙන්නම හංස ගීතය ගයනවා. අන්තිම මොහොතේ වැඩ පෙන්වන්න හදනවා. ඔය මගුලෙන් කරන්න පුළුවන් දෙයක් නෑ

:       0       2

විජිත් Saturday, 20 July 2024 05:14 AM

ඇතැමුන් ඊට වෙනස් මතයක සිටින්නේ නම් ඒවායේ ප්‍රතිඵල ඒ අයම බාරගත යුතු බවත් ඔහු සඳහන් කළේය." ඔය ඇතැමුන් ඒ ගැන බය වෙන්න එපා රටේ ජනතාව ඌව පරද්දනවා විතරක් නොවෙයි හිරෙටත් දානවා. ගරු ශ්‍රේෂ්ටාධිකරණය 3 වතාවක් එකම දෙය කියලා තියෙද්දීත් මේ ගස්බඩගාපු මන්ත්රිලාගේ මේ හදිස්සියේ ඔය සංශෝධනය ගෙනාවේ ඇයි ? ජාතික ජනබලවේගයට ජයවේවා !!!

:       0       1

චන්දිම Saturday, 20 July 2024 07:46 AM

69 ලක්ෂයක් මිනිස්සු ඡන්දෙ දුන්නේ කාටද කියන කාරණය ගැන අබමල් රේණුවක තරමට වත් තැකීමක් නොකර තමන්ගේම වාසියට තවතවත් බලය අල්ලාගෙන සැප විදගෙන වැජබෙන්න හිතාගෙන ජනතා කැමැත්තක් කොහෙත්ම නොතිබුණු කෙනෙක්ව අත උස්සලා පස්ස දොරෙන් පත් කරගෙන දැන් හැම දේටම යේස් සර් කියන නිකම්ම නිකම් නිවට වහල්ලු ටිකක් බවට පත්වෙලා රටම ඉස්සරහ හත් පොලේ ගාගෙන පලේ පල් වෙලා ජනතාව ඉදිරියේ විහිලුවකට ලක්වෙලා සවුත්තුම වෙලා ගිහින් නේද? හිතන් ඉන්නැති තාමත් ඉස්සර වගේ ලොකු ටෝක් දෙන්න පුළුවන් කියලා. දැන් රනිල් තුමා වැඩ කරන්නේ මහින්දටවත් බැසිල් ලට වත් තමුන්ලට වත් කොහෙත්ම පොහොට්ටු රැලේ එකෙකුටවත් වත් ඕනි විදියට නෙමෙයි ඔහුටම ඕනි විදියට. දැන් පොහොට්ටුවේ තමුන්ලා වැඩ කරන්න ඕනි කටවල් වහගෙන ඔලුව නමාගෙන රනිල් තුමාගේ සුවච කීකරු සුනඛයන් විදියට. අන්න ඒක තෙරුම් ගන්නවා ඔක්කොටම කලින්. දැන් ලොක්කෝ වෙලා ඉන්නේ සාගල රන්ගේලා වජිරලා ආශුලා වගේ අය. ඒගොල්ලෝ දැන් ගමන් බිමන් යන්නෙත් රථ පෙළපාලි වලින්. තමුන්ලගේ මහා ලොකු මොලේ ප්‍රථිපල ඔන්න ඕක තමයි.

:       0       2

රංබොඩ Saturday, 20 July 2024 09:54 AM

ව්‍යවස්ථාව කට පාඩම් ලොක්කා රජ කමේ රහ වැටිලා මොන වෙට්ටුවක් හරි දාලා කාලෙ දික් කරගන්න තමයි දත කන්නෙ. ඔතනට එන කවුරුත් එහෙමයි.

:       1       3

Chandima Saturday, 20 July 2024 01:16 PM

ඔය සද්දාව බලාගන්න පුළුවන් පාර්ලිමේන්තුවේ ඡන්දේ විමසන දවසට

:       0       8

saki Saturday, 20 July 2024 04:40 PM

එය සත්‍යයක්

:       1       1

රෝයි ෆෙඩ්රික්ස් Sunday, 21 July 2024 05:55 AM

බුදු අම්මෝ ඔව් . කව්ද සත්භාවය ගැන නොදන්නේ ? සාදු සාදු සාදු

:       0       1

Chandima Sunday, 21 July 2024 01:56 PM

ඇම කෑවා නේද? වෙන පක්ෂවලට ගිහින් ඡන්දෙට ඉල්ලන්න බෑනේ දැන් බලුවෙලා ඉවරයි...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31145 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13286 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10955 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 53 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 888 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 268 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site