IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ගැරඩිඇල්ලේ අනතුරට මාර්ග සංවර්ධන අධිකාරියට නඩු

(ගයාන් සූරියආරච්චි)

කොත්මලේ , ගැරඩිඇල්ල ප්‍රදේශයේදී බස්රථයක් ප්‍රපාතයකට පෙරැළීමෙන් සිදු වූ මාරක රිය අනතුරට අදාලව මාර්ග සංවර්ධන අධිකාරියට එරෙහිව නඩු පවරන බව ගැරඩිඇල්ල මාරක රිය අනතුරේ විමර්ශන කමිටුවේ සභාපති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

ඔහු ඒ බව පැවැසූවේ ඊයේ (11) බත්තරමුල්ල සුහුරුපායේ පිහිටි මහජන ආරක්ෂක අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රොහණ මහතා විසින් එම අනතුර සම්බන්ධ කමිටු වාර්තාව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාට බාර දුන්නේය.

එම කමිටු වාර්තාවට අනුව එම අනතුර සිදුවූ ස්ථානයේ යකඩ වැටක්, කොන්ක්‍රීට් ආධාරක කණු, විදුලි බල්බ, මාර්ග ගැටිති හෝ ඊතල මාර්ගෝපදේශක සලකුණු කිසිවක් නොතිබුණු බවද අජිත් රෝහණ මහතා පැවැසීය.

එමෙන්ම බස් රථය පැය දහතුනහ මාරක පමණ දීර්ඝ ගමනාන්තයක් දක්වා ගමන් කිරීමට නියමිත පරිදි ජාතික ගමනා ගමන කොමිෂන් සභාවෙන් අවසරයක් ලබාගෙන නොමැති බවත් එබැවින් එම බස් රථයේ ලියාපදිංචි අයිතිකරු ලෙස ගමනා ගමන කොමිෂන් සභාවට සහ කතරගම ඩිපෝ අධිකාරීයට නඩු පැවැරීමට කටයුතු කරන බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කීය.

 



අදහස් (7)

ගැරඩිඇල්ලේ අනතුරට මාර්ග සංවර්ධන අධිකාරියට නඩු

ranjith Wednesday, 11 June 2025 08:07 PM

ඔන්න යහපත් වැඩ...

:       0       0

ගුණරත්න Wednesday, 11 June 2025 08:15 PM

මට ෂුවර් කින් කැකිල්ලේ මොකෙක් හරි සොච්චමෙක් අල්ලන් වරදකරු කරයි කියලා. පාරට තාර දාපු කෙනා අල්ලා ගනීවි...

:       0       0

කමලි Wednesday, 11 June 2025 08:22 PM

හරියටම හරි. හැමදාම ඔය වගේ මාරක රිය අනතුරු වුණාම නඩු පවරන්නේ රියැදුරුට හරි අයිතිකාරයට විතරයි... මාර්ග පද්ධතිය ප්‍රශ්න අදාල නෑ... මීට වසර දෙකකට විතර ඉහත හොරණ මාර්ගයේද කොහේද නිසියාකාරව අනතුරු ඇඟවීමක් නැතුව ආරක්ෂාවක් තිබ්බේ නැති නඩත්තුවක් නිසා විශ්ව විද්‍යාල ආචාර්යවරයෙකු නැති වුණා... ඒකට කාටවත්ම නඩු නෑ... අන්තිමට තනි වුනේ මාස තුනේ අත දරුවායි නෝනයි අම්මලා තාත්තලා විතරයි.

:       0       0

pakeer Wednesday, 11 June 2025 08:29 PM

යකෝ මේවනේ නඩු... එළ එළ...

:       0       0

Shelton Thursday, 12 June 2025 05:53 AM

ඩිපෝ අධිකාරියට නඩු පැවරීම හොඳයි. එයාලා හිතන්නේ රියැදුරු මහත්තුරුත් යකඩ වලින් හදලා කියලා...!

:       0       0

Bunny Preena Thursday, 12 June 2025 09:06 AM

අජිත් රෝහණ මහත්තයෝ, දෙපස ආරක්ෂක වැට සහිත කොන්ක්‍රීට් ආධාරක කණු නොමැති මාර්ග බොහෝමයක් ලංකාවේ බොහෝ ප්‍රදේශවල තියෙනවා. ඒවා ගැනත් සොයාබලා, එවැනි ආරක්ෂක වැටවල් සහ කොන්ක්‍රීට් කණු සවි කිරීමට කටයුතු කරන්න. බොහෝ ජීවිත රැකෙයි. ඔබට ගොඩාක් පින් අයිති වේවා.

:       0       2

රුවන් Thursday, 12 June 2025 02:29 PM

මහින්ද මහත්තයා පාරවල් හැදුවට ගැරඩි ඇල්ල අමතක වෙලා ලු. ගම්මන්පිල කියන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 677 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site