
( රංජිත් රාජපක්ෂ)
නුවරඑළිය ග්‍රෙගරි වැවේ පාවෙමින් තිබු අලුත උපන් බිළිඳියකගේ මළ සිරුරක් අද (01) සොයා ගත් බව නුවරඑලිය පොලිසිය පවසයි.
ග්‍රෙගරි වැවේ බෝට්ටු කාර්ය මණ්ඩලය සහ ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් පොලිසියට ලබා දුන් තොරතුරු අනුව, නුවරඑළිය පොලිසිය සහ නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා එක්ව එම සිරුර ගොඩ ගෙන ඇත.
ජලාශයේ තිබි සොයාගත් අලුත උපන් බිලිදියගේ පෙකණි වැලේ කොටසක් තවමත් පවතින බවද පොලිසිය කියා සිටියේය.ගොඩගත් මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට භාර දීමට පියවර ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නොමැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd