IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


‘‘ගෑස් මිලේ වෙනසක් සිදුවන්නේ නෑ‘‘

(යොහාන් භාසුර)

ගෘහස්ථ ගෑස් සිලින්ඩයක වර්තමාන මිලේ කිසිඳු වෙනසක් නොවන බව සමූපකාර සේවා, අළෙවි සංවර්ධන සහ පාරිභෝගික අරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

පාරිභොගික අධිකාරිය දැනට ක්‍රියාත්මක කරන ගැසට් පත්‍රයේ සඳහන් පරිදි කිලෝ 12.5 ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 1493 ක්, කිලෝ 5 ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 597 ක් සහ කිලෝ 2.3 ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 298 ක් ලෙසම පවතින බවත් ඒ අනුව කිසිඳු මිල වැඩි වීමක් නොවන බවත් රාජ්‍ය අමාත්‍යවරයා කියයි.

ලෝක වෙළෙඳපොලේ ගෑස් මිල ඉහළ ගොස් ඇති බැවින් මිල ඉහළ දැමිය යුතු බවට ගෑස් සමාගම් මුදල් අමාත්‍යංශය, වෙළෙඳ අමාත්‍යංශය සහ පාරිභෝගික අධිකාරිය දැනුවත් කර තිබෙන බවත් ඒ පිළිබඳව අවධානය යොමු කළ යුතු බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගෑස් සමාගම් දෙක වන ලාෆ් සහ ෂෙල් යන සමාගම්වල කිලෝ 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩයක මිල රුපියල් 1501 කි.

 



අදහස් (4)

‘‘ගෑස් මිලේ වෙනසක් සිදුවන්නේ නෑ‘‘

mohan Sunday, 18 April 2021 06:51 PM

හේවිසි කාරයන් වේලාසනින් ඇවිල්ලා

:       0       4

fairoos Monday, 19 April 2021 07:17 AM

ඔව් ඉතින් ඔයාලාගේ කට විතරයි ... දැන් ඉතින් හැමෝටම සැප තමයි....

:       1       3

BamunuarachchiMonday, 19 April 2021 11:45 AM

මොකක්ද හලෝ ඒ කතාව? රුපියලේ වටිනාකම පහත යනනිසා ගෑස්මිල ඉහළ ගියා කියලා මැසිවිලි නගන්න බැහැ. මොකද ඔය ගොල්ලන්ගේ ආණ්ඩුවක් තිබුණොත් වෙන්නේත් ඔය ටිකමයි. ගිය අවුරුදු 5 දීපු සැප වින්දා හොඳටම...

:       1       1

fairoosTuesday, 20 April 2021 07:13 AM

ආණෟඩුව මොන දේ කළත් හරි කියන කට්ටිය නේ ඔයාලා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 880 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 377 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site