IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


ගෑස් බෙදන හැටි ජනපති නිලධාරීන්ට කියයි

(සුජිත් හේවාජුලිගේ)

ගෑස් ගොඩ බෑම සහ බෙදා හැරීම කඩිනමින් සිදු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට අද (10) උපදෙස් දුන්නේය.

ගෑස් මෙට්‍රික් ටොන් 3700ක් රැගත් පළමු නෞකාව ඊයේ (10) මෙරටට ළඟාවූ අතර ගෑස් මෙට්‍රික් ටොන් 3740 ක් රැගත් දෙවෙනි නෞකාව අද (10)පස්වරුවේ පැමිණීමට නියමිතව ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි.

ගෑස් මෙට්‍රික් ටොන් 3200ක් තෙවැනි නෞකාව ලබන 15 වැනි දා මෙරටට පැමිණෙන බවද එම කාර්යාලය සඳහන් කරයි.

මේ මාසය සඳහා ඇණවුම් කර ඇති ගෑස් මෙට්‍රික් ටොන් ප්‍රමාණය 33,000කි.

ගෑස් බෙදාහැරීම ලබන 12 වැනිදා සිට සාමාන්‍ය පරිදි සහ ක්‍රමානුකූලව සිදු වන අතර ගෘහස්ථ ගෑස් ඉල්ලුම සම්බන්ධයෙන් පැවැති ගැටළුව මේ මස අවසන් වන විට සම්පූර්ණයෙන්ම මග හැරෙන බව ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසීය.

 



අදහස් (10)

ගෑස් බෙදන හැටි ජනපති නිලධාරීන්ට කියයි

Sunil Sunday, 10 July 2022 03:03 PM

මේ රට වැනසූ අයගෙන් ලැබෙන අවසන් උපදේශයයි.

:       0       0

Kumara Sunday, 10 July 2022 03:04 PM

අනේ මෙහෙමත් කෙනෙක්... ලැජ්ජයි...!

:       0       0

දිනිඳු Sunday, 10 July 2022 03:12 PM

දැන් බොරුවට පොර වෙන්න හදන්න එපා. ඔයා යන්න ඕනෑ.

:       0       0

siri Sunday, 10 July 2022 03:37 PM

ඉක්මනට ඉන්න තැනකින් ප්‍රවෘත්ති බලන්න...

:       0       0

Ganegoda Sunday, 10 July 2022 04:40 PM

අපි අපේ ගෑස් බෙදාගන්නම්... හැබැයි පොල්ලකින් ඔහේගෙ ඔලුවට බෙදන්න ඉස්සෙල්ලා ගියොත් තමයි හොඳ...!

:       0       0

ලලිත් Sunday, 10 July 2022 06:17 PM

ඇයි ඔය නිලධාරීන් මීට කලින් ගෑස් බෙදලා නැද්ද?

:       0       0

Nipun Sunday, 10 July 2022 07:18 PM

නන්දෙගේ විකාර හොඳටම තදවෙලා වගේ... ඔබ දැන් රටේ ජනාධිපති නෙමෙයි උපදෙස් දෙන්න. ඔබව ජනතාව පන්නලා ඉවරයි.

:       0       0

ranjith Sunday, 10 July 2022 09:56 PM

කොහේ ඉඳන්ද ඕවා කියන්නේ... තව ලැජ්ජාවක් කියලා දෙයක් නැති හැටි..

:       0       0

Perera Monday, 11 July 2022 06:17 AM

ජනතාවට බයේ දුවලා හැංගුණ හිටපු ජනාධිපතිගේ නියෝග කවුරුවත් ගණන් ගන්නේ නැහැ දැන්...

:       0       0

Siri Monday, 11 July 2022 07:02 PM

මෙයා ඔය ප්‍රකාශ නිකුත් කරන්නේ දිව්‍ය ලෝකයේ ඉඳගෙනද? අපි දන්නා හැටියට දැන් ජනපති කෙනෙක් නැහැ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 883 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 380 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site