IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


ගෑස් ‘ගෑස් පෙන්වන්න’ යයි

(යොහාන් භාසුර)

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ලබන සතිය වන විට රුපියල් 100 ත් 200 ත් අතර මුදලකින් ඉහළ යෑමට ඉඩ ඇති බවට වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

සමූපකාර සේවා,  අළෙවි සංවර්ධන සහ පාරිභෝගික අරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමේදී පැවසුවේ ගෑස් මිල ඉහළ දැමීමට මේ දක්වා අවසන් තීරණයක් ගෙන නොමැති බවයි.

ලෝක වෙළෙඳපොලේ ගෑස් මිල ඉහළ ගොස් ඇති බැවින් මිල ඉහළ දැමිය යුතු බවට ගෑස් සමාගම් මුදල් අමාත්‍යංශය, වෙළෙඳ අමාත්‍යංශය සහ පාරිභෝගික අධිකාරිය දැනුවත් කර තිබෙන බවත් ඒ පිළිබඳව අවධානය යොමු කළ යුතු බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගෑස් සමාගම් දෙක වන ලාෆ් සහ ෂෙල් යන සමාගම් දෙකේ කිලෝ 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩයක මිල රුපියල් 1501 කි.

 

 

 



අදහස් (8)

ගෑස් ‘ගෑස් පෙන්වන්න’ යයි

69lakshaya Sunday, 18 April 2021 07:47 AM

ප්‍රශ්නයක් නැහැ. අපේ සර් සල්ලි අච්චු ගහලා හරි අපේ පඩි වැඩි කරලා දෙනවා වැඩිවන ජීවන වියදම පියවාගන්න.

:       8       29

නුවන් Sunday, 18 April 2021 08:59 AM

ඇත්තටම ගෑස් මිල වැඩි වෙනවා නම්.... 'මේ වෙලාවේ කල්යල් බලා ගෑස් මිල වැඩි කිරීමට උත්සාහ ගන්නේ කවුරු වෙනුවෙන් ද!....... අහවලා ළඟ මෙපමණ ගෑස් තොග ප්‍රමාණයක් තිබෙනවා. ඉන් ඔහුට මෙපමණ ලාභයක් ලැබෙනවා. මේක මහා පරිමාණ වංචාවක්..... කවුද දන්නේ අත යට ලැබෙන මුදල් ප්‍රමාණය.......' යනාදී වශයෙන් අපට නුදුරේ දීම ලොජික් එකක් නැති තර්ක ඇසෙනු ඇත.

:       10       46

Channa Sunday, 18 April 2021 11:22 AM

ඔබගේ තර්කය පදනම් විරහිතයි. මේ මොහොතේ කිසිවකු තොග තබාගන්නේ නැහැ. මොකද ලෝක වෙළෙඳපලේ ඉතා ඉහළ මිලක් වන ගෑස් ලංකාවේ අලෙවි කරන්නේ නියම මිලට අඩුවෙන්. එවිට, විශාල තොග තමා ළඟ තබාගන්න මෝඩයා කවුද? ඔබගේ තර්කය ගෙන ආවේසීනි ප්‍රශ්නයේ අකටයුතුකම් වල සැර බාල කිරීමට බව පෙනේ..

:       3       15

ranjith Sunday, 18 April 2021 11:25 AM

මිනිස්සු සහනයක් අපේක්ෂාවෙන් ඡන්දෙ දුන්නේ.. ඒ වුණාට මිනිස්සුන්ට දරාගන්න බැරි මට්ටමකට බඩු මිල කෙටි කාලයකින් වැඩි වුණා.

:       11       21

ප්‍රසන්න Sunday, 18 April 2021 12:25 PM

සීනි ප්‍රශ්නයේ සැර බාල කිරීමට එහි 'සැරක්' නැත. එහි ඇත්තේ 'ව්‍යාපාර සංස්කෘතිය' පිළිබඳ ගැටලුවක් පමණි. සීනි මිල ඉහළ යන හැටි දැන ගැනීමට ඔවුන්ට ඉවක් ඇත. රජය උත්සාහ කලේ ජනතාවට සහනයක් ගෙන දීමටයි. එහෙත් එම සහනය කපටි ව්‍යාපාරිකයන් කිහිප දෙනෙක් ලබා ගත්තේ ය. ජනතාවට ලැබුණේ ඉතා අඩුවෙන් ය. ලෝකයේ කිසිම රටක වෙළඳ ප්‍රජාව අාහාර වලින් ගසා කන්නේ නැත. ඒ මන්ද යත් ආහාර යනු දෙවියන්ගෙන් ලද ත්‍යාගයක් සේ එයට ගෞරව කරන නිසායි. සාධාරණ ලාභයක් තබාගෙන ඔවුන් ඒවා පාරිභෝගිකයාට විකුණයි.

:       5       7

Prasad Sunday, 18 April 2021 01:28 PM

ලෝක වෙළෙඳපලේ හැටියට ගෑස් මිල වැඩි කරන්න ජනාධිපති කෙනෙක් මොකටද?

:       2       11

Thilina Sunday, 18 April 2021 05:02 PM

ලෝකයේ දියුණු රටවල්වල ඒ රටට ආනයනය කරන කිසිම බඩුවක මිල ස්ථාවරව තබාගන්නේ නැහැ ..ඕස්ට්‍රේලියාව වගේ රටක තෙල් මිල පැයෙන් පැයට වෙනවා..ගෑස් මිල වුනත් ස්ථාවර නැහැ . අපි වගේ අඩු ආදායම් ලබන රටකට කොහොමත්ම මේ මිල වෙනස් වීම් දරාගන්න බැහැ ..ඒත් රටේ පාලකයෝ දේශපාලකයො මේ ඇත්ත මිනිස්සුන්ට කියන්න තරම් ඔවුන් පැකිලෙන්නේ ජන්ද ඊට වඩා වටින නිසයි..විපක්ෂය වුනත් කතා කරන්නේ තව අඩු කරන්න කියලා මිසක් රටක් විදිහට මේකට මූණ දෙන්නේ කොහොමද කියලා නෙමෙයි ..කවදාවත් මේ රට මේ මානසිකත්වයෙන් ගොඩ ගන්න බැහැ . අඩුවෙන් බඩු ගන්න රජයෙන් පුළුවන් තරම් සහනාධාර බලාපොරොත්තු වෙන ජනතාවක් ඉන්න රටක කොහෙද ඉදිරි අනාගතයක්??

:       1       3

බන්දු Monday, 19 April 2021 02:20 PM

ගෑස් සිලින්ඩරයකින් ගෑස් ලීටර් 4 ක් අඩුකර රුපියල් 100/= ක් අඩුවෙන් පාරිභෝගිකයාට විකිණීමට සූදානම් බවයි ආරංචිය. කොහොමද ටිකිරි මොළේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 880 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 377 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site