IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ගෑස් ගැන සොයන්න ජනපතිගෙන් කමිටුවක්ක

(සුජිත් හේවාජුලිගේ )

ගෑස් සිලින්ඩර පුපුරා යාමේ සිද්ධීන් සම්බන්ධයෙන් කරුණු සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මොරටුව විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ශාන්ත වල්පොල මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු අට පුද්ගල කමිටුවක් අද  (30) පත් කරනු ලැබීය.

මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස පත් කරනු ලැබ සිටින්නේ මොරටුව විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අජිත් ද සිල්වා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඩබ් ඩී ජයතිලක, මහාචාර්ය ප්‍රදීප් ජයවීර ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ කොමසාරිස් මහාචාර්ය නාරායන් සිරිමුතු ,කාර්මික තාක්ෂණ ආයතනයේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුදර්ශන සෝමසිරි , ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂ සුජීව මහගම සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරු වෙති.

සියලු පාර්ශවයන්හි අදහස්, දැනට කර ඇති අධ්‍යයන හා විවිධ අදහස් විමර්ශන කර මේ සම්බන්ධයෙන් සති දෙකක් ඇතුළත වාර්තාවක් තමාට ඉදිරිපත් කරන ලෙසද ජනාධිපතිවරයා කමිටුවට උපදෙස්දී ඇත.

මෙම විද්වත් කමිටුව පත් කරනු ලැබ ඇත්තේ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මෑතක සිට වාර්තා වන ගෘහස්ථ, වෙළෙඳ හා විකුණුම් මධ්‍යස්ථානවල ගෑස් සිලින්ඩර ආශ්‍රිත ගිනි ගැනීම්, පුපුරා යෑම් පිළිබඳ හේතු සාධක සොයා බලා ඒ පිළිබඳව කඩිනම්න් ලබාදිය හැකි විසඳුම් ඉදිරිපත් කිරීම සඳහා යැයි ජනාධිපති කාර්යාලය පවසයි

 



අදහස් (9)

ගෑස් ගැන සොයන්න ජනපතිගෙන් කමිටුවක්ක

දාස Tuesday, 30 November 2021 06:22 PM

එයාගේ කොමිටිත් එයා වගේම තමයි , මිනිස්සු සතේකට ගනන් ගන්නෙ නැ

:       0       3

විජිත් Tuesday, 30 November 2021 06:27 PM

දේශබන්දු ඉන්නවා නම් අනිත් අය ගැනත්, වාර්තාවේ තිබෙන්නේ කුමක්ද කියාත් දැන්මම හිතා ගන්න පුළුවනි. ඔබගේ නම ගොබ්බසේන විදිහට ඉතිහාසයේ ලියැවේවි.

:       0       4

Royfedricks Tuesday, 30 November 2021 06:56 PM

දේශ බන්දුවා හොද එකා ඔය වගෙ වැඩවලට. බලන්නකො අර අත්බෝම්බ හොයාගන්න සැකකරුවෝ එක්ක යන්නෙ ඔය මිනිහනේ.

:       0       3

Sam Tuesday, 30 November 2021 07:56 PM

සමහරවිට ලිට්රෝ එකේ මෑතකදී සිදුවුණු ගෑස් කොන්තරාත්තුව අවසන් කිරීම වෙන්නත් පුළුවන්.. මේ ගැන පරීක්ෂණයක් හැකි ඉක්මණින් කරලා සුදුසු පියවරක් ගන්න ඕනේ... දැනටමත් පරක්කු වැඩියි...

:       0       2

phiko Tuesday, 30 November 2021 08:40 PM

දේශබන්ධු ඇයි මේකට? මහාචාර්යවරු හරියට වැඩ කරනවාද බලන්නද? ආයුධ හොයන්න ගෙනියයිද?

:       0       5

සඳුන් Tuesday, 30 November 2021 08:53 PM

සති දෙකක් යනකොට ගිණිගැනීම් හා මරණ සිදුවෙන්නත් පුළුවන්. කම්ටු වාර්තාව කිව්වාම මතක් වුනේ ලොහාන් රත්වත්තේගේ හිරගෙදර ජරමරේ වාර්තාව... හොඳම දේ මේ ප්‍රමිතියෙන් තොර ගෑස් භාවිතයෙන් ඉවත්කර ගැනීමයි. බොරුවට කල්මරන් නැතුව...

:       0       5

ආරියරත්න හේවාපතිරණ Wednesday, 01 December 2021 07:50 AM

වැරදුන පසුව හේතු සහ පිළිතුරු සෙවීම හැර සැලසුම් සහගත පෙර දැක්මක් වත්මන් පාලකයන්ට නොමැතිවීමත් ,දේසපාලන බලය රැකගැනීමට ප්‍රමුඛතාවය දී කටයුතු කිරීමත් මේ සියලු ගැටළුවලට හේතුභූතවන බව ප්‍රඥාවන්තයන් හට වැටහෙති .

:       0       5

Samantha Wednesday, 01 December 2021 08:34 AM

ජනතා බදු මුදල් නාස්ති නොකිරීමට කාරුණික වන්න. අප සියලු දෙනා දැක ඇති පරිදි, මෙම කමිටු වාර්තා මුදල් වියදම් කිරීම පමණයි.

:       0       5

විපරමා Wednesday, 01 December 2021 06:27 PM

කමිටු නම් පත්කරනවා. ඒ වුණාට ඇති වැඩක් නැහැ. පහුගිය කාලේ පුරාවටම අපි දැක්කනේ. පිස්සු නැත්නම් හොඳා?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 690 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 449 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site