IMG-LOGO

ගුවන් තොටුපලේ 1500 කට කොරෝනා එන්නත දීලා

 

(ටී.කේ.ජී.කපිල )              

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළ සේවය කරන සේවකයින් සහ නිලධාරීන් 1500 දෙනෙකුට අද (21) වනවිට කොරෝනා මර්දනය සදහා එන්නත් ලබා දී ඇති බව සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ අලෙවි කළමනාකරණ සහ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී සුමිත් ද සිල්වා මහතා පැවසීය .                 

ඒ අනුව සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ විවිධ ක්ෂේත්‍ර වල සේවය කරන සේවකයින් සහ නිලධාරීන්ට ද , ගුවන් තොටුපළ ආරක්ෂක රාජකාරීවල නිරත වී සිටින ශ්‍රී ලංකා යුධ හමුදා , ගුවන් හමුදා , පොලිස් , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු , ආගමන විගමන දෙපාර්තමේන්තු , ශ්‍රී ලංකා රේගු , තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ , ගුවන් තොටුපළ පිරිසිදු කිරීමේ නියැලී සිටින නිලධාරීන් සහ සේවක පිරිස් වෙත ද මෙම එන්නත් ලබා දී තිබේ .             

මෙම එන්නත් ක්‍රියාවලිය පසුගිය 17 දා දින කටුනායක ගුවන් තොටුපළ පරිශ්‍රය තුළ දී ආරම්භ කළ අතර , එන්නත් ලබා දී නොමැති ඉතිරි සේවකයින් සහ නිලධාරීන් වෙත ඉදිරි දින වලදී ත් මෙම කොරෝනා මර්දන එන්නත් ලබා දීමට නියමිතය .



අදහස් (1)

ගුවන් තොටුපලේ 1500 කට කොරෝනා එන්නත දීලා

UAE api Sunday, 21 February 2021 09:33 AM

ඉතාමත් අත්‍යාවශ්‍ය කාරණයක්... ස්තුතිය අපෙන්...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 286 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 458 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 188 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site