
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික විරරත්න )
ගල් අඟුරු ආනයනය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට ජනාධිපති විශේෂ කොමිෂන් සභාවක් පත් කරන බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේ අද පැවසීය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකුගේ ප්‍රධානත්වයෙන් මෙම කොමිෂන් සභාව පත් කරන බවද ඔහු කීවේය.
පසුගිය 2019 වසරේ සිට මේ දක්වා ගල් අඟුරු නැව් 465ක් පැමිණ ඇති බවත් මේ සියලු ආනයනයන් පිළිබඳව මෙහිදී කරුණු සොයා බලනු ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.
බලශක්ති අමාත්‍ය කුමාර ජය කොඩි මහතා වරදක් කර ඇතිනම් ඔහු හිරේ යනු ඇති බවත් අනික් අය වැරදි කර ඇත්නම් ඔවුන් හිරේ යනු ඇති බවත් හෙතෙම සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ බලශක්ති අමාත්‍ය කුමාර ජය කොඩි මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදයේදීය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
Reverse chronology හෙවත් ආසන්නතම සිදුවීම සම්බන්ධයෙන් පටන්ගන්න. ඊළඟට ආපස්සට යන්න පරණ ඒවා හොයන්න. ඒ තමයි ඔහොම අවස්ථාවල සිදුකරන සම්ප්රදාය. එතකොට වර්තමාන ප්‍රශ්න වර්තමානයේ විසඳන්න පුළුවන්. වර්තමානයට priority දෙන්න. මොකද මේ අවස්ථාවේ මෙය මුළු රටම විඳවන දෙයක් නිසා....
තාප බලාගාරය පටන් ගත් දා සිට සොයන්න. නමුත් විගණන වාර්තාව පවා වංචාවක් ලෙස එළි කරන මේ ගල් අඟුරු ප්‍රශ්නයට විසදුම එය නොවේ. ඔබලා බලය ගන්න දීපු පොරොන්දු කෝ? අළුත් සංස්කෘතිය කෝ...?
හොරාගේ පුංචි අම්මාගෙන් පේන අහනවා වගේ...
කොමිසමක්ම දාන්න ඕනේ හොරාව අල්ලන්න.