
(අංජුල මහික වීරරත්න)
අම්පාර ගල්ඔය ගඟේ කොටවෙහෙර ප්‍රදේශයේ ඉවුර කැඩී යාමේ අවදානම වලක්වා ගැනීම සඳහා එම ස්ථානයේ වැලි ඉවත් කිරීම අද සවස සිට අරඹන බව වාරිමාර්ග සහ ඉඩම් නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පැවසීය.
සේනානායක සමුද්‍රයේ සිට කිලෝමීටර 17ක් පහළින් ගල්ඔය ගඟේ මේ අවදානම මතුව තිබෙන බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා අදාළ ස්ථානයේ වැලි කියුබ් දහසක් පමණ එකතු වී තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දී ඇතැයි කීය.
වැලි ඉවත් කළ විට ඉවුර කැඩී යාමේ අවදානම අඩු කර ගැනීමට හැකි බව වාරිමාර්ග ඉංජිනේරුවරුන් දැනුම් දී ඇති බැවින් තාවකාලික ක්‍රියාමාර්ගයක් ලෙස මේ පියවර ගන්නා බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සහ අම්පාර වාරිමාර්ග අධ්‍යක්ෂ සහ අම්පාරේ වාරිමාර්ග ඉංජිනේරුවන් කැඳවා සාකච්ඡා කොට අදාල තීරණ ගත් බවද නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd