(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
ගල්කිස්ස ද සේරම් මාවත මුහුදු තීරයේ දිය නාමින් සිටියදී දිය වැලකට හසුවී මුහුදේ අතුරුදන් ව ගිය තරුණයින් දෙදෙනාගෙන් එක් තරුණයෙකුගේ මළසිරුරක් (24) උදෑසන සොයා ගත් බව ගල්කිස්ස පොලීසිය පවසයි .
මෙසේ මියගොස් ඇත්තේ නුවරඑළිය කුඩලිඔය ප්‍රදේශයේ පදිංචි සුරේෂ් කුමාර ඩිලක්ෂණ 18 හැවිරිදි තරුණයකු තරුණයකු බව පොලිසිය කියයි.
පිළියන්දල ප්‍රදේශයේ සබන් කර්මාන්ත ශාලාවක සේවය කරමින් සිටින මෙම තරුණයා ඇතුළු දහතුන් දෙනෙකු නිවාඩු දිනයක් වූ 23 දා ,ගල්කිස්ස මුහුදු තීරයට ගොස් දිය නාමින් සිටියදී එකවරම දිය වැලකට හසු වී තරුණයන් හත් දෙනෙකු ගසාගෙන ගොස් ඇති බව පොලිසිය කියයි .
එම අවස්ථාවේදී ගල්කිස්ස පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් වහා ක්‍රියාත්මක වී දිය වලට හසුවී ගසාගෙන යමින් සිටි තරුණයින් පස්දෙනෙකු බේරා බේරාගෙන ඇති අතර ඉන් තරුණයන් දෙදෙනකු දෙදෙනෙකු දියේ ගිලී අතුරුදහන් ව තිබූ බව පොලීසිය පවසයි .
පසුව ජීවිත ආරක්ෂක නිලධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව අතුරුදන් වූ තරුණයන් සෙවීමට වෙහෙසුන ද ඉන් ඵලක් නොවූ බව පැවසේ.
මේ අතර 24 උදෑසන දියේ ගිලී අතුරුදන් වූ තරුණයන් දෙදෙනාගෙන් එක් තරුණයෙකුගේ මළසිරුරක් දෙහිවල දුම්රිය ස්ථානය පිටුපස මුහුදු තීරයට ගොඩ ගසා තිබූ බව පොලිසිය පවසයි .
ඒ අනුව කළුබෝවිල හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු පාරින්ද කොටුගොඩ මහතා එම ස්ථානයට පැමිණ ස්ථානය පරීක්ෂණයක් සිදුකොට පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය කළුබෝවිල ශික්ෂණ රෝහලට රැගෙන යන ලෙස පොලිසියට නියෝග කළේය.
ඒ අනුව දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය කළුබෝවිල ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂණ අධිකරණයේ දී හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු පාරින්ද කොටුගොඩ මහතා විසින් සිදු කිරීමට නියමිතව තිබුණි .
අතුරුදන් වු අනෙක් තරුණයා සොයා ජීවිත ආරක්ෂක නිලධාරීන් දිගින් දිගටම විමර්ශන ක්‍රියාත්මක බව ද බවද පොලිසිය කියයි . සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි .
2025 දෙසැම්බර් මස 04
690
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
449
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගල්කිස්ස මුහුදේ ගිලුණු තරුණයෙක්ගේ සිරුරක් හමුවෙයි