IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


ගර්භණී හෙදියන්ට නිවාඩු ඉල්ලා හෙදියෝ පාරට

සමස්ත ලංකා හෙද සංගමය සංවිධානය කළ විරෝදතාවක් කොළඹ ජාතික රෝහල ඉදිරිපිට දි මීට සුළු වේලාවක පෙර ආරම්භ කර ඇත.

කොරෝනා අවදානම නිසා ගර්භණී හෙදියන් නිවාඩු ලබාදීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල් කර මෙම උද්ඝෝෂණය ආරම්භ කර ඇත.

(ළහිරු හර්ෂණ)



අදහස් (11)

ගර්භණී හෙදියන්ට නිවාඩු ඉල්ලා හෙදියෝ පාරට

Ruhunu Wednesday, 02 February 2022 12:46 PM

යට පින්තූරෙ ඉන්නෙත් ගර්භනී අයද?

:       10       4

nimelenWednesday, 02 February 2022 01:50 PM

මහත්මයා.. ඔයාගේ අම්මා ගර්භනී වුණානම් නිවාඩු නැතිව වැඩ කරනකොට බඩේ ඉන්න තමුන්ගේ සහෝදරී හෝ සහෝදරයාගේ ජීවිතේ ගැන සලකලා නිවාඩු ඉල්ලන්න ඔබත් පාරට බහිනවා නේද? එතකොට ඔබත් ගර්භනී වෙන්න ඕනෑද? හැමදේම වහල් මානසිකත්වයෙන් හිතන එක තමයි මේ රටට ගහලා තියෙන හෙනේ.. මනුස්සයින් වගේ හිතන්න ඉගෙන ගමු.

:       4       12

GaminiWednesday, 02 February 2022 02:43 PM

මෙහෙම පාරවල් ගානේ උද්ඝෝෂණ කරන්න ගත්තාම ඉස්පිරිතාලවල ඉන්න අනෙක් ලෙඩ්ඩුන්ට මොකද වෙන්නේ.. දැන් මිනිස්සුන්ට මොනවා වුණත් පාරට බහින එක තමයි කරන්නේ..!

:       6       2

ravin Wednesday, 02 February 2022 01:05 PM

බය වෙන්න දෙයක් නැහැ. කුලපති ප්‍රශ්නය විසඳාවි..

:       3       3

kareena Wednesday, 02 February 2022 01:10 PM

කොරෝනා හැදෙන්නේ හෙදියන්ට විතරයි. ළමයි ලැබෙන්නෙත් ඔවුන්ට විතරයි... කොරෝනා අස්සේ ළමයි හැදුවේ මොකෝ...

:       8       6

nimelenWednesday, 02 February 2022 01:53 PM

කොහේවත් කියලා තියෙනවද කොරෝනා හැදෙන්නේ හෙදියන්ට විතරයි කියලා.. වහල් කම ඉතිරෙනවා නේද...?

:       8       3

සනත් Wednesday, 02 February 2022 01:47 PM

මේ හෙද හෙදියන් ඔක්කෝටම දවස් 365ම නිවාඩු දීලා පඩියත් ගෙදරටම ගෙනැල්ලා දෙන යෝජනාවක් සම්මත කළහොත්වත් වැඩ වර්ජන අත්හරීද දන්නේ නැහැ...

:       6       7

fairoosWednesday, 02 February 2022 02:18 PM

මෙතන වැඩ වර්ජනයක් වෙන්නේ නැහැ... විරෝධතාවයක් විතරයි... දැන්වත් ඔය වහල්කමින් මිදෙන්න.

:       2       0

Gamini Wednesday, 02 February 2022 03:02 PM

ලංකාවේ හිඟන මානසිකත්වය තියෙන මිනිසුන් සිටින තාක්කල් ලංකාව 3වැනි ලෝකයේ රටක්...

:       1       2

Sunil Wednesday, 02 February 2022 03:37 PM

හෙදියන් මේ උද්ඝෝෂණය කරන්නේ තමන්ට හිමිවිය යුතු වරප්‍රසාද වෙනුවෙනි..

:       5       0

NuwanWednesday, 02 February 2022 04:10 PM

වරප්‍රසාද ඇත්තේ හෙදියන්ට පමණක්ද? ගාමන්ට්වල ගැබිනි කාන්තාවන්ටත් මේ නිවාඩු ඕන නැද්ද? පුද්ගලික රොහල්වල ගැබිනි නර්ස්ලාටත් පඩිපිට නිවාඩු දෙනවාද? කොපමණ කාලයකටද? එතකොට බස්වල, කෝච්චිවල තෙරපිලා යන්න කාන්තාවන්ටත් ගැබිනි වුණාම මේ වරප්‍රසාද දෙන්නේ නැද්ද?

:       3       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 21 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 122 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 926 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site