
(තිලකරත්න දිසානායක)
අධි අවදානම් තත්වයක් ඇති බවට හදුනාගෙන ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ ඩෙංගු පරීක්ෂා කිරීම සහ කීට මර්ධන ද්‍රව්‍ය යෙදීම පිනිස ඩ්රෝන තාක්ෂණය යොදා ගැනීම අද (25) ගම්පහ නගරයේදී ආරම්භ කළේය.
මෙහිදී උපකාරක පන්ති ඇතුලු ස්ථාන කිහිපයක මදුරු කීටයන් සිටින බවට හදුනා ගැණින.
පළමුව නිරීක්ෂණ ඩ්රෝන කැමරා මගින් ඉහල ගොඩනැගිලිවල මදුරුවන් බෝවන ස්ථාන හදුනා ගැනීම සිදු කරමින් කීට නාශක යෙදීම සිදු කිරීම මෙහිදී සිදු කෙරිණි.
ඉහල ගොඩනැගිලිවල මදුරුවන් බෝවන ස්ථාන ගණනාවක්ම මෙම පරීක්ෂාවේදී හදුනා ගත් අතර එම සියලුම ස්ථානයන්හි හිමිකරුවන්ට අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීම පිනිස ඉදිරි කටයුතු කෙරෙන බව ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රෝහණ රණසිංහ මහතා පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd