
(තිලකරත්න දිසානායක)
දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ අජිත් නිශාන්ත මහතා පැවසීය.
අද (11) රාත්‍රී 9 වන විට දූනමලේ ජල මාපකයෙහි ජල මට්ටම මීටර් 5 දශම 54 ක් වශයෙන් සදහන්ව තිබූ බව සදහන් කළ නියෝජ්‍ය අධ්‍යක්‍ෂකවරයා , පහත් බිම් ආශ්‍රිතව වෙසෙන ජනතාව විමසිලිමත්ව සිටිය යුතු බවද සදහන් කළේය.
මේ වනවිට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක මාර්ග ජලයෙන් යටව පවතින බවද හෙතෙම සඳහන් කළේය.
COMMENTS
කරුණාකර රජයෙන් දෙන ගංවතුර ආධාර රජයේ නිළධාරින් හරහා පමණක් ලබාදෙන්න . ගම්පහ අවට පන්සල් වල හාමුදුරුවරු ගාවගන්න නම් එපා.. ඒ ආධාර යන්නෙ හිතවත් දායිකාවන්ගේ ගෙවල්වලට , කඩවල්වලට විතරයි ...
නොදකින් විතරක් ඔය ගංවතුරට යට වෙන එක හදා ගන්නකෝ. ඕකේ හුඟක් ටියුෂන් පන්ති හදලා තියෙන්නේ පහත් බිම්වල..!