
(කාංචන කුමාර ආරියදාස)
රුපියල් කෝටි හතකට වැඩි වටිනාකමකින් යුත් කුෂ් නමැති මත්ද්‍රව්‍ය තොගයක් සිගිරි පැමිණි තායිලන්ත කාන්තාවක 13 දින දහවල් සීගිරිය පොලිසිය වෙත භාරදී ඇතැයි සීගිරිය පොලිසිය කියයි.
තායිලන්තයේ සිට සංචාරකයන් දාහත් දෙනකුගෙන් යුත් කණ්ඩායමක් 12 කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළෙන් ලංකාවට පැමිණ ඇත්තේ 12 දින සංචාරයකට බවත් ඔවුන් බස් රථයකින් සීගිරිය ප්‍රදේශයේ හෝටලයකට පැමිණ ගමන් මලු පරික්ෂා කිරීමේදී සංචාරක කාන්තාවකගේ ගමන් මල්ල මාරු වී යැයි කියන ඇය එම ගමන් මල්ල විවෘත කර බැලීමේදී මෙම මත්ද්‍රව්‍ය තොගය හමුවීමත් සමග තමන් පැමිණි සංචාරක සමාගමේ මග පෙන්වන්නා සමඟ සීගිරිය පොලිසියට පැමිණ මේවා භාර දුන් බව දඹුල්ල සහකාර පොලිස් අධිකාරී රුක්මල් තෙන්නකෝන් මහතා සඳහන් ක්ළේය.
ගමන් මල්ලේ ඉතා සූක්ෂම කළු පැහැති පොලිතීන් බෑග් වල ග්‍රෑම් 600 බැගින් කුෂ් නමැති මත්ද්‍රව්‍යය පැකට් විසි තුනක් පොලිසිය පරීක්ෂා කිරීමේදී හමු වූ බව සීගිරිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් එස් .එස් .ඩබ්ලිව් .එම් .යු .කොබ්බෑකඩුව මහතා සඳහන් කළේය.
දඹුල්ල සහ අවට ප්‍රදේශවලින් ඉතිහාසයේ හමු වැඩිම ද්‍රව්‍යයේ ප්‍රමාණය මෙය බව පොලිසිය සඳහන් කරයි.
මෙම මත්ද්‍රව්‍ය තොගය භාර දුන් තායිලන්ත කතගෙන් ප්‍රකාශ සටහන් කරගත් බවත් බස් රථයේ රියදුරුත් සංචාරක මඟ පෙන්වන්නාගෙන්ද ප්‍රකාශ ලබාගත් බව පොලිසිය කියයි.

COMMENTS
ගමන් බෑගය මාරුවුණා නම්. ඒවා හොයාගන්න ලේසියි. ගමන් මලුවලට දෙන. රිසිට් පත. එහි සඳහන් වෙනවා. ගමනාන්තය දක්වාම සියළු විස්තර... විනාඩි පහක වැඩක් මේක මිනිස්සු මෝඩ වුණාට. තාක්ෂණය අතින් කම්පියුටර්. මෝඩ නැහැ. ඉතුරු බෑග් ටිකයි. මුදලාලිවයි දෙන්නාම හොයලා දෙයි. කැමරාවලින් බලන්න මේ බෑග් අරගන්නේ කව්ද කියලා. අවසානයට බෑග් මලු ගන්න යන තැනින්...!
එම කාන්තාවගේ නැතිවූ ගමන් මල්ල සොයා දීමට කටයුතු නොකරන්නේ මන්ද?
ඔයාගේ අත්දැකීම හරිම කරදරයක් වගේ! මෙහෙම සිද්ධවුණාම කවදහරි ඇත්තටම පිළිතුරක් හෝ සමාධානයක් ලැබෙන්නවත් කාලය යනවා. ලාංකික ගුවන් තොටුපළවල තාක්ෂණික හා විධිමත් පද්ධතිය වැඩිදියුණු කරන්නම ඕනේ කියලා පේන්නෙ. ඔයාගේ මෙල්බන් අත්දැකීමත් විශේෂයි! බයෝමැට්‍රික් පේචන් ගියත් එයාව ගණන් ගන්න එක වත්මන් තත්වෙට ගැලපෙන්නේ නෑ වගේ. ගුවන් ගමන්කරුවන්ට මෙවැනි කරදර අඩු කරලා වැඩියෙන්ම සවිස්තරාත්මක සහයෝගයක් දෙන්න ඔවුන් සූදානම් වුණොත් හොඳයි.
මේක මෙහෙම වුණු නිසා හොඳයි... මඟදී බෑග් චෙක් කරලා පොලිසියටත් ඇසුණා නම් මේ කාව පිළිගන්නවාද? එහෙනම් මේ කාන්තාව හිරේ යන්න තිබුණා...