IMG-LOGO

2025 අගෝස්තු මස 21 වන බ්‍රහස්පතින්දා


ගනේමුල්ලෙන් අවි සමග හයක් දැලේ

(අංජුල මහික වීරරත්න)

ගම්පහ ගනේමුල්ල පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත කොස්හින්න, පරකන්දෙනිය ප‍්‍රදේශයේදී මත්ද්‍රව්‍ය, ගිනි අවි හා උණ්ඩ සමග පුද්ගලයන් 6 දෙනකු අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය කියයි.

සංවිධානාත්මක අපරාධකරුවන්, මත්ද්‍රව්‍ය, නීති විරෝධී ගිනි අවි හා රථවාහන අත්අඩංගුවට ගැනීම සදහා ක්‍රියාත්මකර ඇති දෛනික මෙහෙයුම් මාලාවේ ඊයේ (19) සිදු කළ මෙහෙයුම් මගින්ද පුද්ගලයන් හා අවි ආයුධ විශාල ප‍්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.

ඊයේ  දිනය පුරා ශ‍්‍රී ලංකා පොලීසියේත්, පොලිස් විශේෂ කාර්ය බලකායේත් ත‍්‍රිවිධ හමුදාවේත් 6390 දෙනකු සම්බන්ධ වී මෙම විශේෂ සෝදිසි මෙහෙයුම් සිදු කර ඇත. එහිදී පුද්ගලයන් 26315 දෙනෙක් පරීක්ෂාවට ලක් කෙරුණු අතර වාහන 10500 ක්ද යතුරු පැදි 7810ක්ද පරීක්ෂාවට ලක් කර ඇත. 

එම විශේෂ මෙහෙයුම් මාලාවේ දී සිදුකළ සුවිශේෂී අත්අඩංගුවට ගැනීම් කිහිපයක් වාර්තා වූ අතර ගම්පහ ගනේමුල්ල පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත කොස්හින්න, පරකන්දෙනිය ප‍්‍රදේශයේදී මත්ද්‍රව්‍ය, ගිනි අවි හා උණ්ඩ සමග පුද්ගලයන් 6 දෙනකු අත්අඩංගුවට ගෙන තිබිණ. එහිදී ඔවුන් සතුව තිබී රිපීටර් වර්ගයේ ගිනි අවි 01ක් හා එහි උණ්ඩ 08ක්ද ටී 56 මැගසින් 09ක්ද මිලි මීටර් 09 උණ්ඩ 05ක් ද අයිස් මත්ද්‍රව්‍ය ග‍්‍රෑම් 22 මිලිග‍්‍රෑම් 900ක්ද අත්අඩංගුවට ගෙන ඇත. 

ඉන් අනතුරුව ඔවුන්ගෙන් ලද තොරතුරක් මත මීගමුව දලූපත ප‍්‍රදේශයේදී වැටලීමක් සිදු කොට ගිනි අවි හා උණ්ඩ සමග පුද්ගලයන් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. එහිදී විදෙස් රටක නිශ්පාදිත පිස්තෝල 01ක් හා එහි පතොරම් 06ක්ද යුද හමුදා නිල ඇදුමට සමාන නිල ඇදුම් 01ක් ද ජංගම දුරකථන 06ක්ද ටී 56 පතොරම් 183ක්ද මිලිමීටර් 9 පතොරම් 280ක් ද මත්පෙති 300ක් ද අත්විලංගු 01ක් ද වෙනත් පුද්ගලයන්ගේ විදෙස්ගමන් බලපත‍්‍ර 03ක් ද තරාදි 02ක් ද සීලර් යන්ත‍්‍ර 01 ක් ද අයිස් මත්ද්‍රව්‍ය ග‍්‍රෑම් 128 මිලි ග‍්‍රෑම් 100ක් ද අත්අඩංගුවට ගැනීමට හැකි වීම විශේෂ සිදු වීමකි. ඒ අනුව ඒ පිළිබදව අඛණ්ඩ විමර්ෂණ මේ වන විට සිදු කෙරෙමින් පවතී.

එමෙන්ම දිවයින පුරා සිදු කරන ලද වැටලීම්වලදී මත්ද්‍රව්‍ය සම්බන්දයෙන් පුද්ගලයන් 856 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අපරාධ වලට සෘජු ලෙස සම්බන්ධ පුද්ගලයන් 16 දෙනෙකුද වරෙන්තුකරුවන් 417 දෙනෙකුද අත්අඩංගුවට පත්ව ඇත.

 

 මත්ද්‍රව්‍ය තුරන් කිරීම සදහාත් සංවිධානාත්මක අපරාධ කරුවන්ගේ ක‍්‍රියාකලාපය මර්දනය කිරීම සදහාත් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම  සදහාත් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ අධීක්ෂණය මත ශ‍්‍රී ලංකා පොලීසියේත් ත‍්‍රිවිධ හමුදාවේත් සහභාගීත්වයෙන් මෙහෙයුම් අඛණ්ඩව විශාල වශයෙන් ක‍්‍රියාත්මක වෙමින් තිබෙන බව අමාත්‍යංශය කියයි.

 

 

 

 



අදහස් (0)

ගනේමුල්ලෙන් අවි සමග හයක් දැලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 120 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 167 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1064 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site