
(සුජිත් හේවාජුලිගේ )
විකිණීමට ටෙන්ඩර් කැඳවුණු පාර්ලිමේන්තුවේ සුපිරි වාහන තක්සේරු කළ මිලට ගැනීමට තවමත් නිසි ගැනුම්කරුවන් ඉදිරිපත්ව නැතැයි වාර්තාවේ.
ගැනුම්කරුවන් කිහිප දෙනෙකු ඉදිරිපත්ව ඇතත් ඒ සියලු දෙනා ඉදිරිපත් කර ඇත්තේ තක්සේරු කළ මිලට වඩා අඩු මිල ගණන් බව පාර්ලිමේන්තු ප්‍රකාශකයෙක් පැවසීය.
පාර්ලිමේන්තුව තක්සේරු කළ මිලට එම වාහන ගැනීමට ඉදිරිපත් නොවුවහොත් යළි ටෙන්ඩර් කැඳවීමට සිදුවන බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.
මෙසේ විකිණීමට ටෙන්ඩර් කැඳවා ඇත්තේ පාර්ලිමේන්තුවේ සභා නායක ලේකම් කාර්යාලයට අයත් වී8 සහ මිට්සුබිසි මොන්ටෙරෝ ජීප් රථ දෙකයි.පාර්ලිමේන්තුවේ ඇති සෙසු සුපිරි වාහනද ඉදිරි දිනවල වෙන්දේසි කිරීමට නියමිතව ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කළේය.
පාර්ලිමේන්තුව බාරයේ බස් රථ ඇතුළු වාහන සංඛ්‍යාව සියයකට ආසන්න සංඛ්‍යාවක් පවතින්නේය.
2025 ඔක්තෝබර් මස 08
1978
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1551
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ගැනුම්කරුවන් නැතිව මැති සබේ සුපිරි වාහන වේලෙයි
Rata Perata Sunday, 06 April 2025 12:26 PM
ඉස්සර නම් ඉතින් ගැණුම් කරුවන් කියන්නේ දේශපාලුවන්ගේම මිනිස්සුනේ. ආයෙත් එහෙම කුණු කොල්ලයක් එහෙම දාගන්න උත්සාහ කරන්න ඇති..
sakra Sunday, 06 April 2025 02:52 PM
මේ වාහන සියල්ලම අඩුම වශයෙන් අවුරුදු 10 ක් වත් පැරැණියි. මේවායින් බොහෝමයක් අබිලි වාහන වෙන්දෙසි මගින් විකිණිය යුතුයි. මේ බව රජය නොදන්නවා නොවෙයි, නමුත් ගැලරිය පිනවීම වෙනුවෙන් මේ ගැන වරින් වර මතුකරමින් පෙන්වනවා. ඔය වගේ සිල්ලර වැඩ වලින් වැඩිකල් යන්න බැරි බව ඉක්මනින්ම ඔවුන් වටහා ගනිවී...
බංඩාරSunday, 06 April 2025 05:56 PM
ස්තුතියි මේ ඇත්ත පැහැදිලි කළාට.. මේ මනුස්සයාට හිතට එකඟව කොහොම මේ දේවල් කරනවාද දන්නේ නැහැ? නිරපරාදේ ජීවිත 60,000 විනාශ කලේ මේ බොරු ඉන්දීය ව්‍යප්තවාදයක් පෙන්නලා.. වෙන කිසිම රජයකට විදේශ රටක් එක්ක වැඩ කරන්න දුන්නේ නැහැ ස්ට්‍රයික් කරලා නඩු දාලා. කිසිම දේශපාලකයෙක් මේ අය තරම් බොරු කියලා බලය අරගෙන නැහැ. තිත්ත වෙයි ගොඩක් අයට.. ඒත් ඇත්ත
Chinthaka Monday, 07 April 2025 05:24 AM
බණ්ඩාර කියනදේ සත්‍යම බව අද ඊයේ උපන් ළදරුවො නොදන්නවා වුනත් ප්‍රභාකරන් කිව්වාවගේ දින හතකට පෙර අතීතය අමතකවෙන මන්දබුද්ධිකලාට තේරුම්ගන්න අමාරුයි
කපුරු හාමි Sunday, 06 April 2025 04:08 PM
කලින් හිටපු දූෂිත දේශපාලුවන්ට තිබුණු රතගාය ගැන දන්නෝ හොඳාකාරවම දන්නවා...
ගුණරත්න Monday, 07 April 2025 04:43 PM
කවුරුත් දන්නවා මිලියන 10 20ක් මිල නියම කරලා තියෙන හද්දා පරණ ලඩි ගන්න පිස්සුවක් තියෙන්න ඕන. ඔය ගාන වියදම් කරන්න පුළුවන් මිනිහෙක් ජපානෙන් අලුත්ම එකක් අරන් පදිනවා මිසක් ගෙවිච්ච කබලක් ගන්නේ නැහැ.