
(පුෂ්පකුමාර මල්ලවආරච්චි )
ගොඩිගමුව ප්‍රදේශයේ ජනතාව වසර හතළිහකට වැඩි කාලයක් තිස්සේ පොදු කටයුතු සඳහා භාවිතා කළ සමිති ශාලා ගොඩනැගිල්ල වටා කිසියම් පුද්ගලයෙකු කම්බි ගසා අවහිර කර ඇතැයි චෝදනා කරමින් එම ගම්වාසීහු අද ( 29) සවස් වරුවේ මීරිගම මීගමුව මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක යෙදුණහ.
දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් රජයේ අරමුදලෙන් මෙම සමිති ශාලා ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කැර ඇතැයි ද මෙහි ගමේ පොදු සමිති 10ක් පමණ පවත්වා ගෙන ගිය බවද ප්‍රකාශ කළ ගම්වාසීහු මෙසේ එක් පුද්ගලයෙකු එහි කටු කම්බි ගසා අවහිර කර තැබීමෙන් තමන් මහත් අවහිරතාවයකට පත්ව ඇතැයි පවසමින් මෙම සමිති ශාලා ගොඩනැගිල්ල පිහිටි ස්ථානයේ සිට මීගමුව මීරිගම ප්‍රධාන මාර්ගය දක්වා පැමිණ ගොඩිගමුව මංසන්ධියේ දී මෙසේ උද්ඝෝෂණයේ යෙදුණහ.
ප්‍රදේශයේ වැඩ විසූ හිමිනමක විසින් මෙම ගොඩනැගිල්ල සහිත භූමි භාගය පේෂකර්ම සේවා කටයුතු සඳහා භාරදී ඇතැයිද අනතුරුව අභාවයට යමින් තිබූ ගොඩනැගිල්ල දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් වරයාගේ මැදිහත්වීම මත පේෂකර්ම දෙපාර්තමේන්තුව මගින් පවරා ගෙන මෙසේ ප්‍රතිසංස්කරණය කර ගම්වාසීන්ගේ ප්‍රයෝජන ද ලබා දී ඇති බවද ඔවුහු සඳහන් කළහ.
කිසියම් අයෙකු මෙම ගොඩ නැගිල්ල වටා කම්බියක් ගැසීමට සූදානම් වන බවට ලත් තොරතුරු මත දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම්වරිය විසින් රජයේ අරමුදල් යොදා ඉදිකර ඇති ගොඩනැගිල්ලේ රැස්වීමට ජනතාවට අවහිර නොකරන ලෙසට දැනුම් දීමක් ද කර ඇති බව ද ජනතාව මෙහිදී සඳහන් කළහ .

2025 නොවැම්බර් මස 04
755
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගොඩිගමුව ජනතාව මීරිගම මීගමුව මාර්ගය අවහිර කර විරෝධතාවක