IMG-LOGO

2025 අගෝස්තු මස 16 වන සෙනසුරාදා


ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රජය වහාම ඉවත් විය යුතුයි

(නිමල කොඩිතුවක්කු)

සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය කර ඇති රට ගොඩ ගැනීම සඳහා ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රජය වහාම  ඉවත් විය යුතු බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කොළඹදී පැවසීය.

දේශීය සම්පත් ආරක්ෂා කරනවා කියා බලයට පත්වූ රජය තම නොහැකියාව, බංකොලොත්භාවය වසා වසාගැනීම සඳහා රටේ සම්පත් එකිනෙක විකුණා රට තවත් උගුලක සිර කරමින් සිටින බවත් කිරිඇල්ල මහතා කීවේය.

කොළඹ මාකස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ දී කැදවූ මාධ්‍ය හමුවකදී තවදුරටත් අදහස් දැක් වූ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේද කීවේය.

"අපිට ඉන්දියාවෙන් එදිනෙදා ජන ජීවිතය ගෙන යන්න ආධාර ලැබුණා. ඉන්දියානු නියෝජිතවරු ආපු ගමන් පැය විසි 24ක් යන්න කලින් දෙන ආධාර ගැන ඔවුන් ප්‍රකාශ කළා. නමුත් මේ වතාවෙ ආපු ඉන්දියාවේ නියෝජිතයින් විවිධ දේ සාකච්ඡා කලත් ඉදිරියට දෙන ආධාර ගැන වචනයක්වත් නැහැ. මේ අවස්ථාව කිව්වේ මූල්‍ය මණ්ඩලය මේ සම්බන්ධව තීරණයක් දෙන්න ඕන කියලා. ඒ වගේම ඔවුන් කිව්වා අපි පසුගිය කාලයේ ලංකාවට ලබාදුන් ආධාර වලට මුදල් වලට අපට ව්‍යාපෘති ගණනාවක් ලබා දෙන්න කියලා. බලාගාර කිහිපයක්, ශ්‍රී ලංකාව ඉන්දියාව අතර අධි බලති විදුලි ලබාදෙන කේබලයක් වගේම අලුත්  ඉල්ලීමක් කිහිපයක් කරල තිබුණා. මන්නාරම් ද්‍රෝණියේ තෙල් කලාප දෙකක් ලබා දෙන්න කියලා. භයානකම දේ තමයි ත්‍රිකුණාමලය වරාය අවට ඉඩකඩම් කාර්මික සංවර්ධන ප්‍රදේශයක් හැටියට ලබාදෙන්න කියලා. එහිදී වරායත් අනිවාර්යෙන්ම ඒකට එකතු වෙනවා. මේක භයානක තත්ත්වයක්. මන්නාරම් ද්‍රෝණියේ තෙල් කැණීම් කරන්න කොටස් දෙකක් ඉල්ලා තියෙනවා. මේ අය ක්‍රමක් ක්‍රමයෙන් අපේ රටේ මරමස්ථාන ඒ අය සන්තක කර ගන්න වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා කියන එක ඉතා පැහැදිලියි. 

ඇත්ත වශයෙන්ම මේ රජය බලයට පත්වුණේ දේශීය සම්පත් ආරක්ෂා කරනවා කියලා. නමුත් අපි දන්නවා හම්බන්තොට වරාය චීනයට දීලා කොළඹ වරාය චීනයටයි ඉන්දියාවටයි කඩකඩ කොටස් දෙකකට දීලා කුණාමලය වරායත් ඉන්දියාවට දෙන්න යනවා නම් අපේ රටට ඇති වෙන්නේ අපේ ස්වාධීනත්වයට විශාල ප්‍රශ්නයක්. පක්ෂ භේදයකින් තොරව සියළු දේශපාලන පක්ෂ මේ තත්ත්වය ගැන තමන්ගේ මතය ප්‍රකාශ කරන්න ඕන.



අදහස් (8)

ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රජය වහාම ඉවත් විය යුතුයි

Bamunuarachchi Thursday, 30 June 2022 08:32 AM

ගෝඨා ඉවත් කරලා පත් කරන්නේ කාවද? විහිළුවට වගේ නමක් කියන්න? අගමැතිකම ගන්න බය වුණු උන්දෑ ජනාධිපතිමක් කරයිද?

:       0       0

Chinthaka Thursday, 30 June 2022 08:50 AM

අනිවාර්යයෙන් රාජපක්ෂලා ඉවත්විය යුතුමයි. හැබැයි ඔයාලා වගේ මහල්ලන් ආයෙත් පාර්ලිමේන්තුවට එපා, ඔය හන්තාන විකුණපු හැටි අපි දන්නවා. හිතන්න එපා ඕන ගොනෙකුට රට කරන්න පුළුවන් කියලා...

:       0       0

දාස Thursday, 30 June 2022 09:11 AM

ඒ ගොල්ලන් ගියාට පස්සේ ඔයගොල්ලන් එන්න හදන්න එපා.. ඔය දෙගොල්ලන්ම එක අත්තේ පොල්... පිංසිද්ද වෙයි ඔයගොල්ලොත් තොලොංචි වෙලායන්න.

:       1       3

wicky Thursday, 30 June 2022 09:39 AM

ඊට පස්සේ ඩොලර් මැවෙනවාද? තෙල් නැව් කලින් එනවාද නැහැනේ... ඉන්න කෙනා හිටපුවාවේ... ඔය නිකමුන් වගේ ඉන්න මැති ඇමැතිලා අයින් කරලා කොමිස් නොගහන මිනිස්සු ටිකකට ඔතැනට යන්න දෙන්න. හිටන් හරියකට කියන දෙයක් මතක නැහැ. විශ්‍රාම යන වයසේදී රටවල් පාලනය කරන්න බැහැ...

:       1       4

කිරි පුතා Thursday, 30 June 2022 09:46 AM

එක්කෙනෙක් පාරට බැහැලා, අනෙක් කෙනා මාධ්‍ය ඉදිරියට ඇවිල්ලා. ඇත්තටම හොඳම විපක්ෂයක් තමයි රටට තියෙන්නේ... මොකද ජනතාව පීඩනයෙන් ඉන්නකොට මෙයාලා ආතල් දෙනවා. විසිල් එකක් එහෙම ගහලා නටමු අපි...

:       2       4

අමා Thursday, 30 June 2022 10:13 AM

මෙයාට අමතක වීමේ රෝගයක් තියනවා වගෙයි...

:       2       5

thaarakaa Thursday, 30 June 2022 11:25 AM

තාරක කියන්නේ පොහොට්ටුව යන්නත්, සජබය බලයට එන්නත් කාලය ළඟාවී ඇති බවයි.

:       6       6

BamunuarachchiThursday, 30 June 2022 06:44 PM

සජබයට දීලාත් ගත්තේ නැහැ. අගමැතිකම ගන්න බය මනුස්සයා කොහොමද ජනාධිපතිකම කරන්නේ..?

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 31 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 129 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 937 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site