
( රොමේෂ් මධූෂංක)
යාපනය කන්කසන්තුරෙයි තයිඉට්ටි තිස්ස රජමහා විහාරය ඉදිරිපිටදී අධිකරණ තහනම් නියෝගයන් කඩකරමින් විරෝධතාවයේ නිරත දෙමළ ජාතික ජනතා පෙරමුනේ නායක ගජේන්ද්‍ර කුමර් පොන්නම්බලම් මහතාට ලබන 14 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් මල්ලාකම් අධිකරණය විසින් නොතීසි නිකුත් කර තිබේ.
කන්කසන්තුරෙයි පොලීසිය විසින් 11 වනද මල්ලාකම් අධිකරණයෙන් තහනම් නියෝගය ලබාගෙන තිබුනේ ගජෙන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහත ඇතුලු අධාරකරුවන් පිරිසක් විසින් තිස්ස විහරය ඉදිරිපිට විරෝධථා දක්වමින් මහජන සාමය කඩවන අයුරින් ක්‍රියාකරාවි යන අවදානම හේතුවෙනි.
එමෙන්ම බොහෝ පිරිසක් සමාජ මාධ්‍ය ඔස්සේ එදින තිස්ස විහාරයට ප්‍රහාරයක්ද සිදුවිය හැකි යන අවධානම හේතුවෙන් පොලීසිය විසින් අධිකරණ තහනම් නියෝගය ලබාගෙන තිබුනේ තිස්ස විහාරය අසල කිසිදු අයුරකින් විරෝධතාවයේ නිරත විය නෙහැකි බවට දැනුම් දෙමිනි.
කෙසේ වෙතත් අදාල අධිකරණ තහනම් නියෝගය කඩකරමින් ඊයේ (12) දින ගජේන්ද්‍රකුමර් පොන්නම්බලම් මහත ඇතුලු ආධාරකරුවන් පිරිසක් විසින් කලු කොඩි ඔසවමින් තිස්ස විහාරය ඉදිරිපිටදී විරෝධතාවයේ නිරත වූවේ වහාම තිස්ස විහාරයේ ඉදිකිරීම් නවතා දමන ලෙසට ඉල්ලමිනි.
2025 දෙසැම්බර් මස 18
63
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
136
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
934
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්ට සිතාසි