IMG-LOGO

ගඟේ - මූදේ මගී ප්‍රවාහනය අරඹන්න යයි

(අංජුල මහික වීරරත්න)

රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරීත්වය යටතේ ජල ප්‍රවාහයන් භාවිත කරමින් සංචාරක හා මගී ප්‍රවාහන කටයුතු ප්‍රවර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ශ්‍රී ලංකාව ජල මූලාශ්‍රයන්ගෙන් සහ ජල ප්‍රවාහයන්ගෙන් පෝෂිත දූපත් රටක් වන බැවින්, සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා මෙන්ම නාගරික මගී ප්‍රවාහනය සඳහා ද එකී ජල මූලාශ්‍ර හා ජල ප්‍රවාහ ඵලදායීව යොදා ගැනීමට හැකියාව පවතින බව රජය පවසයි .

එබැවින්, මෙරට මුහුදු තීරය මෙන්ම රට අභ්‍යන්තරයේ පවතින ජල ප්‍රවාහයන් භාවිත කරමින් ප්‍රදේශ කිහිපයක් ආවරණය වන පරිදි බෝට්ටු සේවාවක් ආරම්භ කිරීම කෙරෙහි අවධානය යොමු වී ඇත. 

ඒ අනුව, පුත්තලම - කොටුව,කොටුව - ගාල්ල, ගාල්ල - මාතර ආදී වශයෙන් සමුද්‍ර ජල ප්‍රවාහන සේවාවක් ඇති කිරීම සහ ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ඇති කිරීම මඟින් සංචාරක ප්‍රවර්ධනය සහ මගී ප්‍රවාහනය සඳහා පහසුකම් සැලසීමට අපේක්ෂා කෙරේ.

 එමෙන්ම, හැමිල්ටන් ඇළ, බේරේ වැව, දියවන්නා ඔය හා මාදු ගඟ වැනි විභවයන් භාවිත කරමින් අභ්‍යන්තර ජල ප්‍රවාහන පහසුකම් සැපයීම මඟින් ද සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට අපේක්ෂිතය.

ඒ අනුව, අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීමටත්, එහි ප්‍රතිඵල මත පදනම්ව රාජ්‍ය - පෞද්ගලික ඒකාබද්ධ වැඩසටහනක් ලෙස යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමටත් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (5)

ගඟේ - මූදේ මගී ප්‍රවාහනය අරඹන්න යයි

Kabeer Tuesday, 22 April 2025 12:47 PM

ගෝටා ත් ඒකම පටන් ගත්තා. වෙන ශක්‍යතා කරන්න ඕන නෑ. එයාගේ සැලැස්ම එළියට අරන් ක්‍රියාත්මක කරන්න.

:       25       11

බකල ජයාTuesday, 22 April 2025 01:27 PM

ඕක මුලින්ම පටන්ගත්තෙ ප්‍රේමදාස උන්නැහේ. ඒ කාලේ සෑහෙන ගාණකට ගඟේ මූදේ ට්‍රාන්ස්පෝට් දුන්නා.

:       8       18

Anura Tuesday, 22 April 2025 12:53 PM

බස් ගැමුනුවට දෙන්න.....බස් පාරු සේවය කියල.. ඕකගෙ බස් හැතිකරේ වගේ පාරු පද්දො සෙට් එක මිනිස්සු ටික වතුරෙ දාල ටර්න් එක ගන්න කියල පාලන් උඩින් ...ගල් උඩින් යයි

:       2       18

සකියම Tuesday, 22 April 2025 07:26 PM

මැදමූලන #2 ලංකාවේ වෙන මඟුල් නැතුව දුම්‍ රිය සේවය නඟාසිටුවන්න. බස් කාරයින්ට නැමෙන්නෙ නැතුව, හැමතැනකටම දුම් රිය සේවය විහිදුවන්න. ජල මූලාශ්‍ර තියෙන්නෙ මොනතරම් ස්වල්පයක්ද. රජරට පැත්තට ගියහම වැවෙන් එගොඩ කරවන්න තමා සේවාව දෙන්න වෙන්නෙ. ඊට නරකද රජරට අවට විදුළි දුම්‍ රිය සේවයක්, විෂේශයෙන්ම අගනුවර ආශ්‍රිතව හැම අහු මුල්ලකටම විහිදුවානම්. බස් මාෆියාවට තිත තියන්න පුළුවන්. බෝට්ටු වලට වියදම් කරන සල්ලි හොඳටම ප්‍රමාණවත් වැඩේ පටන් ගන්න. ලංකාවේ කිසිම ආණ්ඩුවක් මේ වෙනකම් සාමාන්‍ය ජනතාව ගැන හිතල නෑ. හිතුවනම් බස් ගැමුණුල වගේ මජරයො ගැන තමා.

:       0       2

Don Lee wick Wednesday, 23 April 2025 10:06 AM

මෙවැනි සංචාරක ව්‍යාපෘති කීපයක් පිලිබදව අප විසින් , වසර කීපයකට ප්‍රථම ඉදිරිපත් කර තිබුනි . එයට කිසිදු ප්‍රතිචාරයක් නොලැබීම අපගේ එම අදහස අත්හැරීමට ඉවහල් විය .නැවත එවන් ව්‍යාපෘතියකන් පිලිබදව උනන්දුවක් දැකීම සතුටකි

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 23 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 608 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 337 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site