IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ගගන සංචාරකයෝ ආපසු එති

ඇමෙරිකා ‘ස්පේස් එක්ස්’ සමාගමේ, ‘පොලාරිස් ඩෝන්’ ගගන සංචාරය, සාර්ථකව අවසන් කරමින්, ඊට සහභාගී වූ සංචාරක ගගනගාමීහු සිවුදෙනා යළි පෘථිවිය බලා පැමිණියහ. 

‘ස්පේස් එක්ස්’ යනු බිලියනපති ඉලොන් මස්ක්ට අයත් අභ්‍යවකාශ ගමන් බිමන්වල නියැලෙන පෞද්ගලික සමාගමකි. අතමිටසරු ඕනෑම අයකුට, ‘ස්පේස් එක්ස්’ සමාගම සමඟ එක් වී, ගගනගාමියකු ලෙස කෙටි පුහුණුවක් ලබා ගැනීමෙන් ද පසු, අභ්‍යවකාශය දක්වා සවාරියක් යෑමටත් ආපසු පැමිණීමටත් හැකියාව ඇත.

‘පොලාරිස් ඩෝන්’ ගගන සංචාරයට එක් වුණු ගගන සංචාරකයන් සිවුදෙනා පෘථිවි කක්ෂයේ කිලෝ මිටර් 1,400 කට වඩා වැඩි දුරක්, ඈතට ගොස්, දින කීපයක් ඈත පෘථිවි කක්ෂයේ රැඳී සිටිමින්, ඔවුන් ගමන් කළ ‘කෲ ඩ්‍රැගන්’ නමැති ගගන කැප්සියුලයෙන් පිටතට පැමිණ, අභ්‍යවකාශයේ පාවී (මෙය ගගන සක්මනක් ලෙස හැඳින්වෙයි.) අලුයම යළි පෘථිවිය බලා පැමිණියහ.

වාණිජ ගගන සංචාරයකින්, අභ්‍යවකාශයට ගිය ගගන සංචාරකයන්  සිවු දෙනකු ගගන සක්මනක නියැලුණු පළමු අවස්ථාව මෙයයි. ස්පේස් එක්ස් ‘කෲ ඩ්‍රැගන්’ කැප්සියුලයේ නැගී මෙම සංචාරයට එක් වූයේ පිරිමින් දෙදෙනකු සහ කාන්තාවන් දෙදෙනෙකි. 

බිලියනපති ව්‍යාපාරික ජැරඩ් අයිසෙක්මන්, ගුවන් හමුදා නියමුවකු ද වන ස්කොට් පොටේට සහ ස්පේස් එක්ස් සමාගමේ ඉන්ජිනේරුවරියන් දෙදෙනකු වන ඇනා මෙනොන් සහ සේරා ගිල්ස් යනු ඔවුන් සිවුදෙනාය. 41 හැවිරිදි ජැරඩ් අයිසෙක්මන් මීට පෙර ද ගගන සංචාරකයකු ලෙස අභ්‍යවකාශයට ගොස් ඇත. කණ්ඩායමට නායකත්වය දුන් ඔහු, මෙම සංචාර වෙනුවෙන් බර පැන දැරූ බව ද පැවැසෙයි. අභ්‍යවකාශයට යෑමෙන් පසු කෲ ඩ්‍රැගන් කැප්සියුලයෙන් පළමුවෙන් පිටතට ආවේ ද අයිසෙක්මන්ය.

ස්පේස් එක්ස් ‘කෲ ඩ්‍රැගන්’ කැප්සියුල පසුගිය සැප්තැම්බර් 10 වැනිදා අභ්‍යවකාශය බලා ගියේ ස්පේස් එක්ස් ‘ෆෝල්කන් 9’ අධිබලැති රොකට්ටුවේ ආධාරයෙනි. ස්පේස් එක්ස් සමාගම ඔවුන්ගේ අභ්‍යවකාශ කටයුතු සිදු කරන්නේ ඇමෙරිකාවේ නාසා ආයතනය සමඟ හවුලේය. නාසා ගගනගාමීන් පෘථිවි කක්ෂයේ පහළින් ඇති අභ්‍යවකාශ නැවැතුම්පොළට ගෙන යෑමටත් ආපසු ගෙන ඒමටත් ‘ෆෝල්කන් 9’ රොකට්ටු සහ ‘කෲ ඩ්‍රැගන්’ කැප්සියුල භාවිතයට ගැනෙයි.

ගගන සක්මන් අවසන් වීමෙන් පසු, ‘කෲ ඩ්‍රැගන්’ කැප්සියුල, එහි එන්ජින් පණ ගන්වා, තෙරපුම් පද්ධති ක්‍රියාත්මක කර, යළි පෘථිවිය බලා පැමිණියේය. කැල්සියුලය පෘථිවි වායුගෝලයට ඇතුළු වූයේ සෙල්සියස් අංශක 1,900 ක උෂ්ණත්වයක් යටතේය. ‘කෲ ඩ්‍රැගන්’ කැප්සියුල ෆ්ලොරීඩා වෙරළට ඔබ්බෙන් අත්ලාන්තික් සාගරයට පතිත කෙරුණේ යෝධ පැරෂූට් ආධාරයෙන් වේගය අඩාල කිරීමෙන් පසුවය.

මෙම මෙහෙයුමට ආදාල සියලු වැදගත් සිදුවීම් සජීවී ලෙස ‘එක්ස්’ සමාජ මාධ්‍ය ඔස්සේ විකාශය කෙරුණි. ‘එක්ස්’ සමාජ මාධ්‍ය ජලයේ හිමිකරු වන්නේ ද ඉලොන් මස්ක්ය. ඒ, ‘කෲ ඩ්‍රැගන්’ කැප්සියුලය් සහ ගගනගාමීන්ගේ ගගන ඇඳුම් කට්ටලට සවි කර ඇති කැමරා ආධාරයෙන් දසුන් ලබා ගනිමිනි.



අදහස් (0)

ගගන සංචාරකයෝ ආපසු එති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 94 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 32 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site