IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කෝටි 7ක කේරළ ගංජා යාපනයෙන් අල්ලයි

(සිතුම් චතුරංග)

ඉන්දියාවේ සිට ධීවර බෝට්ටු මාර්ගයෙන් මෙරටට ගෙන්වන ලද රුපියල් කෝටි හතකට අ‍ාසන්න වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ 108යි ග්‍රෑම් 460 සමඟ පුද්ගලයින් සිව්දෙනෙකු යාපනය පල්ලිකුඩා ප්‍රදේශයේදී අ‍ත්අඩංගුවටගත් බව යාපනය පොලිසිය කියයි.

යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් වෙත ලැබුණ තොරතුරක් අනුව සිදුකළ වැටලීමකදී සැකකරුවන් සමඟ කේරළ ගංජා රැගෙන අ‍ා ඩිංගි යාත්‍රාවක්ද අත්අඩංගුවටගත් බව පොලිසිය පැවසීය.

දීර්ඝ කාලයක සිට සිදුකර අ‍ැති මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සැකකරුවන් ඉන්දියාව වෙත ගොස් එහි සිටින  ජාවාරම්කරුවකුගෙන් කේරළ ගංජා මිළදීගෙන මෙරටට රැගෙන එ‍්ම සිදුකරන බවත් පැවසීය.

අනතුරුව දින ගණනක් මුහුදේ රැදීසිට ධීවර කටයුතු අවසන්කර ගොඩබිමට පැමිණෙන  මුවාවෙන් කේරළ ගංජා රැගෙන එම සිදුකරන බවත් එලෙස රැගෙන එන කේරළ ගංජා දිවයිනේ විවිධ ප්‍රදේශවලට ප්‍රවාහනය කරන බවට අනාවරණය වූ බවත් පැවැසීය. 

සැකකරුවන් මන්නාරම, මාන්කුලම යාපනය සහ කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 31ත් 45 අතර වයසේ පසුවන්නෝ වෙති. 

අත්අඩංගුවටගත් සැකකරුවන් හා කේරළ ගංජා තොගය යාපනය මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. 

යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් අ‍ැතුළු පිරිසක් වැඩිදුර විමර්ශන සිදුකරයි. 



අදහස් (0)

කෝටි 7ක කේරළ ගංජා යාපනයෙන් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 743 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 368 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site