
(ටී.කේ.ජී.කපිල සහ යොහාන් භාසුර)
රුපියල් දොලොස් කෝටි විසි ලක්ෂයක් වටිනා "කුෂ් " නැමැති ගංජා කිලෝ ග්‍රෑම් 18 බරැති තොගයක් කැනඩාවේ සිට ත්‍යාග ලෙස සදහන් කරමින් , ශ්‍රී ලංකාවේ කොළඹ පිහිටි ලිපිනයකට එවා තිබියදී පෑලියගොඩ මිඩ්කෝ ගුදම් බඩු ගබඩාවේ සේවය කරන රේගු නිලධාරීන් පිරිසක් විසින් අද (06) දින සවස අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පැවසීය .
මෙම "කුෂ් " තොගය තුනී ලෑලි වලින් සකස් කළ පෙට්ටි තුනක ව්‍යාජ පතුල් සකසා ඒ තුළ සඟවා කැනඩාවේ සිට භාණ්ඩ ප්‍රවාහනය කරන බහාලුමක් තුළ බහා ශ්‍රී ලංකාවට එවා තිබුණි .
ගංජා තොගය අත් අඩංගුවට ගත් රේගු නිලධාරීන් විසින් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ .
අත්අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳ විමර්ශන කටයුතු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සේනක ඇරැව්පොළ මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරුන් වන සුගන්ධි පද්මනාදන් සහ අජිත් රූපසිරි යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ සහකාර රේගු අධිකාරිවරුන් වන ඉසුර සුමනරත්න , සහන් ලාලිත්‍ය , රුවන් පෙරේරා සහ ෂෙහාන් ප්‍රනාන්දු යන මහත්වරුන් විසින් සිදු කර තිබුණි .
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කෝටි 12 ක මත්ද්‍රව්‍ය රේගුව අල්ලයි
Kule Friday, 06 October 2023 08:17 PM
නඩුභාණ්ඩ ලෙස ඉතා ස්වල්පයක් අධිකරණයේ බාරයට ගෙන ඇති. ඒවා ආණ්ඩුකාර මහතුන් කීප දෙනෙකුගේ අධීක්ෂණයෙන් විනාශ කරලා දමන්න බැරිද? නැතිනම් ඕවා පහුවෙනකොට පාන් පිටි වෙනවා.
Rata Perata Saturday, 07 October 2023 01:54 PM
අල්ලපු අයගේ පින්තූර දාන්න දෙයක් නෑ. අපි පඩි දීලා ඔය තනතුරුවල ඉන්නේ ඕවා අල්ලන්න තමයි. දාන්න ඕනෙ ඕවා අල්ලාගත් අයගේ පින්තූර.