
(ටී.කේ.ජී.කපිල)
රුපියල් දෙකෝටි පනස් ලක්ෂ පනස් දහසක් වටිනා " කුෂ්" මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් , ඒවා ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති " හරිත මාවත " (Green Channel) ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (25) අලුයම , රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මොහු කොළඹ ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි වියේ පසුවන ජායාරූප ශිල්පියෙකි .
එහිදී ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ල තුළ , වියළි පළතුරු අඩංගු පැකට් තුළ , ඒවා ඉවත් කර , මෙම " කුෂ්" මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 02 ග්‍රෑම් 505 ක ප්‍රමාණය සූක්ෂම ලෙස අසුරා , සගවා ගෙන තිබුණි .
මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සදහා මෙම ගුවන් මගියා සහ ඔහු විසින් රැගෙන ආ මත්ද්‍රව්‍ය තොගය කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කුඩු ගේනහැම කෙනාටම. දෙශිය විදේශිය. ඒ වට්නකම වගෙ තුන් ගුනයක් දඩ මුදල නියම කරන්න. දඩ මුදලසුලු වෙන් ගහන කොට මේ වැඩේ කවදාවත් නතර කරනෙ නැහැ. කුෆු මුදලාලි. මොවුන්ට කියලා මේ කුඩු එලියට අර ගන්නවා. ඉට පස්සෙ. පොරොන්දුවුන මුදල කෝටි දෙක තුනක් දෙනවා. ඒකයි. මේ හැම කෙනාම කරන්නෙ. අහුවුනාමාදිකරනයෙන්. රුපියල් දක දෙදහක්දඩයක් නියම කරනවා. මුන්ට එඋම් ගසත් නැති නිසා. රටට මොවුන්ගෙන් ලොකුදනයක් හියා ගන්න පුලුවන්. මේ කුඩ්ඩන් වෙනුවෙන් පෙනි සිටින නිතිපති වරුන්. ඔවුන් තමයි අධිකරණයට බොරු කියන්නේ මාගෙ සේවාදායකයා කියමින්. ඔහුවත් ඇතුලට අරින්න.