IMG-LOGO

2025 ඔක්තෝබර් මස 30 වන බ්‍රහස්පතින්දා


කෝටි 4 ක ජල පරීක්ෂණ රථය කැලෑවට ඇරලා

(සුජිත් හේවාජුලිගේ )

ජලසම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයට චීන රජය ප්‍රදානයක් වශයෙන් ලබාදී ඇති  රුපියල් කෝටි  4ක් පමණ වටිනා  ඡංගම ජල තත්ව පරීක්ෂණ රථය  කිසිදු පරීක්ෂණ කටයුත්තක් සඳහා යොදා නොගෙන අමාත්‍යංශ පරිශ්‍රයේ ගාල්කර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළඅලුත්ම  වාර්තාවක සඳහන් වේ.

එසේම අමාත්‍යාංශයේ තවත් වාහන තුනක් එහි කටයුතු සඳහා යොදා නොගෙන අමාත්‍යාංශ පරිශ්‍රයෙහි  ගාල් කර ඇති බවද  එම වාර්තාවේ දැක්වෙයි.

ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයට අයත් වාහන හතරක් පසුගිය වසරේදී  ජලසම්පාදන සහ  වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය කාර්ය මණ්ඩලයේ පරිහරණයට මුදල් අමාත්‍යාංශයේ  අවසරයකින් තොරව යොදාගෙන  ඇතැයිද  විගණන විමර්ශනවලදී තොරතුරු අනාවරණයවී ඇත.

රාජ්‍ය ව්‍යවසාය අරමුදල්වලින්  මිලදී ගත් වාහන අමාත්‍යාංශ දෙපාර්තමේන්තු හා අනෙකුත් ආයතන පාවිච්චි කරන්නේ නම් ඒ සඳහා මුදල් අමාත්‍යාංශයේ පූර්ව අනුමැතියක්  ගත යුතු බව  ජාතික විගණන කාර්යාලය පවසයි.

මේ අතර අමාත්‍ය වරයාගේ පෞද්ගලික ලේකම්වරයාට ලබාදී තිබු රුපියල් එක්කෝටි විසි ලක්ෂයක් පමණ වටිනා වාහනයක් රාජ්‍ය අමාත්‍යාංශය අහෝසිවීමෙන් පසු අමාත්‍යාංශයට බාරදී තිබූ අවස්ථාවේදී අනතුරට ලක්ව ඇති බවත්  මේ පිළිබඳව පොලීසිය දැනුවත් නොකිරීම නිසා එහි අලූත්වැඩියා වියදමවූ රුපියල් පන්ලක්ෂ හැත්තෑ දෙදහසක  මුදල  ගෙවීම රක්ෂණ ආයතනය ප්‍රතික්ෂේප කර තිබූ බවත් විගණන අංශ පවසයි.

කෙසේ නමුත් රජයට  සිදුවූ පාඩුවට වගකිවයුතු අය හඳුනාගෙන ඔවුන්ගෙන් එම මුදල් අයකරගැනීමට මේ වර්ෂයේ මාර්තු 27 වැනිදා වනවිටද කටයුතු කර නොතිබූ බව  ජාතික විගණන කාර්යාලය පවසයි.

මේ තොරතුරු සඳහන් වන්නේ ජලසම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ 2022 වාර්ෂික කාර්ය සාධන වාර්තාවේය.



අදහස් (5)

කෝටි 4 ක ජල පරීක්ෂණ රථය කැලෑවට ඇරලා

aravinda Monarawila Thursday, 01 June 2023 04:50 PM

චීනගෙන් නොවෙයි දෙවියන්ගෙන් වුණත් නිකන් හමුවෙන ඒවා වැඩක් නෑ.... කෝටිගණන් කොමිස් ගහලා ගෙනාවා නම් උපරිමයට වැඩගන්න හැටි දන්න අපේ දේශපාලකයෝ...

:       0       0

ravin Thursday, 01 June 2023 05:37 PM

මෙවැනි අක්‍රමිකතා එදිනෙදා අසන්නට නොලැබුණු දවසට සෞභාග්‍යමත් දේශයක් වෙනු නියතයි...

:       0       0

සසර Thursday, 01 June 2023 05:57 PM

ජලය ජීවයේ පදනමයි. එය ඉස්සරහට දාගෙන ගහන ගැහිලි හෙලා දකිමු...!

:       0       0

Bunny Preena Friday, 02 June 2023 10:58 AM

මෙවැනි වැරඩි වැඩ වෙනකන් බලාගෙන ඉදලා අන්තිමට විගනන වාර්තාවෙන් මෙවා එලි දක්වනවා. එවැනි වැරදි ආයතන ප්‍රදානින්ගෙ අනුදැනුම උඩ තමයි සිද්ධ වෙන්නෙ.

:       0       0

පැරකුම් Friday, 02 June 2023 08:27 PM

විගණන වාර්තා වලින් එලිවන මෙවන් අක්‍රමිකතාවන් ප්‍රසිද්ධියට පත්කරන නමුත් ඒවාට වගකිව යුත්තන්ට කිසිදා පියවර ගත්‍ බවක් අප අසා නැත. එබැවින් මෙම විගණන කටයුතු සඳහා වැයකරන මුදල් අපතේ නොයවා ඒවා දේශපාලුවන්ගේ සුඛවිහරණය වැනි වෙනත් කටයුත්තකට යොදාගත යුතුයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1706 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1422 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 512 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site