IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කෝටි දෙකක රන් සමග භික්ෂුවක් අල්ලයි

(යොහාන් භාසුර සහ ටී.කේ.ජි කපිල)

රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමින් යුත් රත්තරන් ඇතුළු භාණ්ඩ තොගයක් නීති විරෝධීව ඩුබායි සිට ඕමානයේ මස්කට් නගරය හරහා රැගෙන ආ චීවරධාරියකු කටුනායක ගුවන්තොටුපළේදී රේගු නිලධාරීන් අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ සුදත්ත සිල්වා මහතා පැවසීය.

ඡංගම දුරකතන 218ක, රුපියල් අනූ ලක්ෂයක් වටින්  රන් බිස්කට් අටක්,  රුපියල් ලක්ෂ හයලක්ෂ අසූ දහසක් වටිනා රන් කැබලි හයක්. රුපියල් ලක්ෂ 21 වටිනා ගෙල පළදනා මාල දෙකක්, ලැප්ටොප් පරිගණකයක් එහි තිබී සොයාගෙන ඇත.

නීති විරෝධී ලෙස රැගෙනවිත් තිබූ එම භාණ්ඩ අතර පාවිච්චි කරන ලද ජංගම දුරකතන, පාවිච්චි කරන ලද ලැප්ටොප්, රත්තරන් බිස්කට්, රත්තරන් කැබලි සහ රන් ආභරණ ඇතුළත්ව ඇති බවත් එම භාණ්ඩ තොගයේ වටිනාකම රුපියල් මිලියන් 22.5 ක් පමණ වන බවට තක්සේරු කර ඇති බවත් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මෙම සැකකරු සිය ගමන් මල්ල තුළ පුද්ගලික භාණ්ඩ අඩංගු යැයි ගුවන් තොටුපළ රේගුවට ප්‍රකාශ කිරීමට භාණ්ඩ නොමැති මගීන් සඳහා වෙන් කර ඇති හරිත මාවත හරහා ගුවන් තොටුපලෙන් පිටත් වීමට උත්සාහ කිරීමේදී පරීජෂා කළ බවත් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කර රේගු පරීක්ෂණයක් පවත්වා රත්තරන් සහ ජංගම දුරකථන රාජසන්තක කර සැකකරුවන්ට දඩ නියම කිරීමට ශ්‍රී ලංකා රේගුවේ ගුවන් තොටුපල අංශයේ සේවයේ නියුතු නිලධාරීන් කටයුතු කරමින් සිටින බවත් සුදත්ත සිල්වා මහතා වැඩි දුරටත් කීය.

 



අදහස් (8)

කෝටි දෙකක රන් සමග භික්ෂුවක් අල්ලයි

Waruna Sunday, 25 September 2022 02:16 PM

කරන්ට් බිල ගෙවන්න වෙන්න ඇති...!

:       29       42

ganegoda Sunday, 25 September 2022 03:36 PM

අද කියවපු ලස්සනම ප්‍රවෘත්තිය...!

:       39       28

සමිත සේනක අලුත්ගමගේ. Sunday, 25 September 2022 04:10 PM

උතුම් වූ බුද්ධ චීවරය කිලිටි කරන දුසිල්වතුන් සොයා ශාසනයෙන් නෙරපා හැරීමට කටයුතු කළ යුතුයි....!

:       0       37

යකාගෙ නීතිය Sunday, 25 September 2022 04:32 PM

මෙව්වා තමයි නියම ගේම්... දැක්කොත් බුවා. නොදැක්කොත් එබුවා කියන්නේ මේවාට. අහු වුණොත් දඩයක් ගෙවලා එළියට යනවා... නැත්නම් කාටත් නොදැනි බඩු ටික එළියට යනවා. මට නම් හිතෙන්නේ කලින් සැලසුම් කරලා කාව හරි සෙට් කරගෙන එන්න ඇත්තේ.... වැඩේ මිස් වුණා... සෙට් කරපු කෙනා කුමක් හෝ හේතුවකට අද වැඩට එන්න නැතුව ඇති... අපි නොදන්න කස්ටම්...!

:       5       40

dhamneth Sunday, 25 September 2022 09:25 PM

ළඟදීම උද්ඝෝෂණයක් කරයිද දන්නේ නැහැ... හාමුදුරුවන්ගේ ගමන්මලු පරීක්ෂා කරන්න එපාකියා කියා...!

:       0       5

sriyan lanka Monday, 26 September 2022 12:03 AM

මීළඟ අරගලයට උදව් කිරීමේ බලාපොරොත්තුවෙන් විය හැකියි...!

:       2       3

ලුම්බිණි Monday, 26 September 2022 04:37 AM

නිවන් දකින්නට පින් මදි වෙන්නැති, ඒකයි තවමත් හිර බාරේ....

:       0       5

Kanthi liyanage Monday, 26 September 2022 11:36 AM

චීවරධාරීන් විශ්වාස කළ නොහැකි තැනට පත්කර හමාරයි...

:       1       6

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31238 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13406 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10978 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 83 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 917 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 274 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site