
(තරංග ගුණරත්න)
දෙවුන්දර හුම්මාන මාර්ගයේ දි සැක කටයුතු මෝටර් රථයක් නවත්වා පරික්ෂා කිරීමේ දී මෝටර් රථයේ පසු පස ප්‍රදේශයේ සඟවා තිබු රුපියල් 32840000 මුදල් හා රත්තරන් වළලු, කරාබු , මාල ඇතුළු ග්‍රෑම් 150 ක් පමණ වන රත්තරන් සමග බස්නාහිර පළාත් බුද්ධි මුලස්ථානයට අනුයක්තව සේවය කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙකු සමග පස් දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
අද අලුයම 3;00 ට පමණ පොලිස් විශේෂ කාර්ය බළකායේ දෙවුන්දර කදවුරේ පොලිස් පරීක්ෂක පි.ඒ.එන් ඩි ආරියරත්න මහතා ඇතුළු නිලධාරී කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකොට තිබේ.
දෙවුන්දර හුම්මාන මාර්ගයේදී අධික වේගයෙන් ගමන් කළ මෝටර් රථයක් නතර කිරීමට පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අනකොට තිබේ
එහිදී අධික වේගයෙන් ගමන් කිරීමට උත්සාහ ගත් මෝටර් රථය පසුපස ගොස් ලුහුබැඳ මෝටර් රථයේ අත්අඩංගුවට ගෙන ඇති අතර එය පරික්ෂා කිරීමේදී මුදල් හා රන් භාණඩ සමග පුද්ගලයන් පස් දෙනකු සැකපිට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින්ගේ අත්අඩංගුවට ගෙන ඇත.
බස්නාහිර පළාත් බුද්ධි මුලස්ථානයට අනුයක්තව සේවය කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයකු මෝටර් රථය ධාවනය කර ඇතැයි පොලිසිය කියයි.
පොලිස් නිලධාරියාගෙන් සිදු කළ ප්‍රශ්න කිරිම්වලදි ප්‍රකාශ වල පරස්පරතා පවතිනා බව විශේෂ කාර්ය බළකායේ නිලධාරින් කියා සිටි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙවුන්දර එස්.ටී.එෆ්. අයත්, නාකොටික් අයත්, සමහර ආමි එකේ අයගේත්, ඉහළම පොලිස් අයගෙත් ආශිර්වාදයෙන් කුඩ්ඩෝ බඩපිනුම් ගසති.