(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නීතිවිරෝධීව අලෙවි කළ රුපියල් කෝටියකට ආසන්න වටිනාකමින් යුක් විදෙස් රටක නිෂ්පාදිත මත්පැන්, දුම්වැටි තොගයක් සමඟ චීන ජාතික කාන්තාවක් සහ පුද්ගලයකු කොල්ලුපිටියේ චීන අවන්හලකදී අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි.
අවන්හලේ විකිණීමට තබා තිබූ මත්පැන් බෝතල් 385ක්, දුම්වැටි පැකට් 6200ක්, චීනයේ නිෂ්පාදිත නීතිවීරෝධී මත්පැන්, මුහුදු කූඩැල්ලන් හයදෙනෙකු හා වියළන ලද මුහුදු අශ්වයන් ද පොලිසිය භාරයට ගෙන ඇත.
චීන අවන්හලේ නීතිවිරෝධී ආකාරයේ විදේශයේ නිෂ්පාදිත මත්පැන් හා දුම්වැටි අලෙවිකරන බවට ලද තොරතුරක් අනුව මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් චීන කාන්තාව 30 හැවිරිදි වියේ පසුවන්නියක වන අතර 28 හැවිරිදි අනෙක් පුද්ගලයා ඇගේ බාල සොහොයුරකු බවත්, සැකකාරියට මෙරට වෙළඳාම් කිරීම සඳහා බලපත්‍රයක් තිබුණද සොහොයුරාට එවැන්නක් නොතිබූ බවත් පොලිසිය කියයි.
අත්අංඩගුවට ගත් පුද්ගලයන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

2025 නොවැම්බර් මස 04
227
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2084
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1594
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කෝටියක මත්පැන්, දුම්වැටි සමඟ චීන කාන්තාවක් ඇතුළු 2ක් අත්අඩංගුවට
Appuhamy Tuesday, 09 April 2019 07:40 AM
පොලිසියේ අයට ගාන කැපෙන්නේ නැතුව ඇති .. එක්කෙනෙකුට ලයිසන් එකක් තියෙනවනම් තව මොනවාද ? මුළු පවුලටම තියෙන්න ඕනේ කියල නැහැනේ .. ඔහොම තමයි ශ්‍රී ලංකා පොලිසිය .. මරණ දඬුවම ගෙනාවොත් ඔය වගේ තමයි .. උන්ට ඕන උන් ටික එල්ල මරයි ..
PerakumTuesday, 09 April 2019 09:29 AM
නීති විරෝධී භාණ්ඩ විකිණීමට බලපත්‍ර ලබාදී නැත.
BamunuarachchiThursday, 11 April 2019 04:28 AM
මත්පැන් හා දුම්වැටි නීති විරෝදීද ඒවා පාවිච්චිය නීති විරෝදීද?
ලුම්බිණි Tuesday, 09 April 2019 08:58 AM
බොහෝ රට වල චීන ජාතිකයන් මෙවැනි නීති විරෝධී දේවල් කරනවා. මේ අය ගුවන් තොටුපළෙන් එන වෙලාවට පරීක්ෂා කරනවා මදි. මීට වඩා සොයා බැලිය යුතුයි.
Bamunuarachchi Tuesday, 09 April 2019 03:21 PM
මේ අවන්හලට මේවා ඍධියෙන් වැඩියාද? අහන්න දෙයක් නැහැ පොලිස් කාරයින්ට පින් පඩිදීලා නැතුව ඇති.