IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


කොළඹ- ගුවන් තොටුපොළ නව බස් සේවයක් අරඹයි

(අංජුල මහික වීරරත්න)

කටුනායක ගුවන්තොටුපොළේ සිට කොළඹ දක්වා පෞද්ගලික බස් රථ සේවයක් අරඹා තිබේ.

මින් පෙර ඇවරියවත්ත බස් නැවතුම්පොළින් ගමන් අරඹන ලද මෙම බස් රථ සේවය අද සිට ගුවන්තොටුපොළින් ගමන් අරඹයි.

දැනට පෞද්ගලික අංශය සතු බස් රථ ධාවනයේ යෙදවීමට නියමිත අතර ඉදිරියේ දී ගමන් මලු රැගෙන යාමේ පහසුව සහිත බස් රථ යෙදවීමට බලාපොරොත්තු වන බව වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා පැවසීය.

මෙම බස් රථ වල සේවක මහතුන්ට ජනතා හිතවාදී සේවයක් සැපයීම සඳහා නිසි පුහුණුවක් ලබා දීමෙන් පසුව සේවයේ යොදවන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.

මෙම බස් රථ සේවයෙන් රුපියල් 290 ක් වැනි මුදලකට කටුනායක සිට කොළඹ බලා පැමිණීමේ අවස්ථාව ලැබෙයි.

ගුවන්තොටු‍පොළ අධිකාරිය, මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සහ රජයේ මඟ පෙන්වීම යටතේ මෙම ව්‍යාපෘතිය අරඹා තිබේ.

 



අදහස් (9)

කොළඹ- ගුවන් තොටුපොළ නව බස් සේවයක් අරඹයි

de silva Thursday, 05 June 2025 12:37 AM

ඉතා සාධාරණ මිලක්, හොඳ වැඩක්... විදෙස් ශ්‍රමිකයින්ට සහ සංචාරකයින්ට කරදරයක් නැතිව යන්න පුළුවන්... ගුවන්තොටුපල බස් සේවය මා කුඹුරටත් දැම්මා නම් වටිනවා. එතකොට දකුණේ සිට අධිවේගී මාර්ගයේ එන ගුවන් මගීන්ට කිසිම කරදරයක් නැතිව ගුවන්තොටුපලට යන්න එන්න පුළුවන්...!

:       0       2

Nandalal de Silva - France Thursday, 05 June 2025 04:05 AM

අගය කල යුතු සේවාවක් ! ත්‍රිරෝද සහ නමක්, ලියාපදිංචි අංකයක් නැති ටැක්සි කියා ගන්නා වාහන කාක්කන්ගෙන් ගුවන් තොටුපොලෙන් පිටවන මගීන්ට යම් තරමකට හො පහසුකමක් මෙම බස් සේවාවෙන් ලැබෙනු ඇතැයි අප බලාපොරොත්තු වෙමු. කිහිප වතාවක්ම මා ශ්‍රී ලංකාවට පැමිණි විට මාගෙ බෑග් බලෙන් උදුරා ගෙන, මෙම "වාහන කාක්කන් ගෙ " වාහන වලට දමා ගැනීමට උත්සාහ කල අවස්ථා කිහිපයක් මට තවම මතක ඇත...!

:       0       3

Left voter Thursday, 05 June 2025 04:22 AM

ඉතා හොඳ වැඩක්, පහුගිය ආණ්ඩුවලට පක්කලිකම් කරපු ටැක්සි ටික මේක කරන්න දෙන්නේ නැහැ. දියුණු රටවලත් Airport ළඟට බස් දාලා තියනවා. ජයවේවා...!

:       0       0

ගුණරත්න Thursday, 05 June 2025 08:02 AM

මම හිතන්නේ මේ 69 වෙනි වාරය... ගුවන්තොටුපොළ කොටුව බස් සේවය දමපු...

:       0       1

Bunny Preena Thursday, 05 June 2025 09:23 AM

බොහොම හොඳ පුවතක්. නමුත් අහිංසක ගෘහ සේවිකාවන්ගේ වටිනා බඩු බාහිරාදිය ආරක්ෂිතව ගමනාන්තය දක්වා ගෙන යාමට හැකිවන පරිදි ස්ථිර සාර වැඩ පිළිවෙළක් තිබිය යුතුයි.

:       1       7

රුවන් Thursday, 05 June 2025 06:47 PM

බනී මහත්තයෝ ලැජ්ජා වෙන්න ඕනේ එදා දකුණු කොරියාවේ අය එක එක රටවල් වලට ගෘහ සේවයට ගියා, අද දකුණු කොරියාවේ ඉන්න මිනිස්සු ඇමරිකාවේ සුද්දන්ට වඩා නම්බුකාර විදියට ඉන්නේ. ඒකට දෙවැනි ලෝක සංග්‍රාමය කාලේ ආසියාවේ ප්‍රබලම ආර්ථිකය තිබ්බ රටට මොකද වුනේ?

:       0       0

Lal galabada Friday, 06 June 2025 10:43 AM

මේ සේවාව ඉතාම අත්‍යාවශ්‍ය එකක්. කොළඹ ස්ටේෂන් එකේ සිට ගුවන් තොටුපල දක්වා යායුතු සේවයක් විය යුතුයි... ස්තුතියි...!

:       0       0

Harischandra Sunday, 08 June 2025 10:20 AM

කොටුව බස් නැවතුම්පළට දැනටත් ලංගම බස් සේවයක් තියනවා. ඒ බස් වලටත් සෙනඟ මදි. ගොඩාක් වෙලාවට සෙනඟ පිරෙනකල් පැය ගණන් බලා ඉන්නවා. පුද්ගලික බස් කොහොමත් පාඩුවට දුවන්නේ නෑ. හයිවේ යනකොට මගින් සෙනග ගන්නත් බෑ.

:       0       0

අජිත් Tuesday, 10 June 2025 11:07 AM

හොඳ වැඩක්...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site