(රෝෂන් තුෂාර)
කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින් ලිප්ටන් වටරවූමේ සංවිධානය කරන විරෝධතා රැළිය වළක්වන තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි කුරුඳුවත්ත පොලිසිය කළ ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (26) ප්‍රතික්ෂේප කළේය.
මහජන පීඩාවක් හෝ අනර්ථයක් සිදුවන්නේ නම් පොලිස් බලතල අනුව ක්‍රියාත්මක විය යුතු බවත් ඊට අධිකරණ නියෝග අවශ්‍ය නොවන බවත් මහේස්ත්‍රාත්වරයා ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් සඳහන් කළේය.
වෛද්‍ය පීඨයේ සිසුන් 250කට අධික පිරිසක් ලිප්ටන් වටරවුම හා ඊට ආසන්න තදාසන්න ප්‍රදේශවල විරෝධතාවයක් සංවිධානය කර ඇති බවත්,කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය මගින් මුදලට වෛද්‍ය උපාධිය ලබා දීමට එරෙහිව මෙම උද්ඝෝෂණය සංවිධානය කර ඇති බවට තොරතුරු අනාවරණය වන බවත් පොලිසිය කරුණු දැක්වීය.
කුරුඳුවත්ත පොලිසියේ පාලන අංශය ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එම් තිලක් කුමාර මහතා සහ පොලිස් සැරයෙන් රාජපක්ෂ මහතා අධිකරණය ඉදිරියේ කරුණු දැක්විය.
උද්ඝෝෂණය අද සවස තුනට ආරම්භ වන බවත් මෙමගින් සිදුවන මහජන පීඩා අවම කර ගැනීම සඳහා තහනම් නියෝගයක් වෛද්‍ය පීඨයේ සභාපති ඇතුළු පිරිසට නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියේය .
කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අදාළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් නියෝග නිකුත් කළේය.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, ඌව සහ නැගෙනහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව ක
ඩුබායි රටේදී එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ මෙරට ප්‍රධාන පෙළේ පාතාල කල්ලි නායකයකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන මන්නා රමේශ් නැමැත
ඇපල් සමාගම හෙට (07) පැසිෆික් වේලාවෙන් උදෑසන 7ට පැවැත්වෙන විනාඩි 35ක අතත්‍ය උත්සවයකට සහභාගී වීමට සියල්ලන්ටම ආරාධනා කළේය.
සනිපාරක්ෂාවට අහිතකර තත්වයේ කිරි ආශ්‍රිත නිෂ්පාදන කරන බවට චෝදනා කරමින් මදන්කඩවල ප්‍රදේශයේ පවත්වාගෙන යන කිරි ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් නීති
මහරගම ප්‍රදේශයේ පවත්වාගෙන ගිය විදේශ රැකියා නියෝජිත ආයතනයකට විවිධ පුද්ගලයන් භාරදුන් විදෙස් ගමන්බලපත්‍ර 180 ක් බෑගයක දමා කාණුවකට විසිකර තිබියදී සොයාගත
විදේශිකයන් මෙරටට පැමිණිමේදී එක් පුද්ගලයෙකුට දින 30ක වීසා බලපත්‍රයක් සඳහා අය කළ ඩොලර් 50ක පැරණි ගාස්තුව එලෙසම පවත්වා ගෙන යාමටත්, ඉන්දියාව, චීනය, රුසියාව, ජ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
කොළඹ සරසවියේ විරෝධය වළකන ඉල්ලීම විසිවෙයි
Chandana Friday, 26 April 2024 03:45 PM
ආයෙත් ආයෙත්, නාඩගම එන්න හදන්නේ...!
Lalla Saturday, 27 April 2024 09:31 AM
රාජ්‍ය විශ්ව විද්‍යාලවල පිනට දෙන දේ විදේශිකයන්ට යහපතට මිස අපේ රටට නොවන බව පැහැදිලියි.උසස් අධ්‍යාපනය නොමිලේ දීම නවත්තන්න කාලය ඇවිත්.පෞද්ගලික විශ්වවිද්‍යාල වෛද්‍ය විද්‍යාල ආරම්භ කිරීම යහපත් දෙයක්...