IMG-LOGO

2024 මැයි මස 19 වන ඉරිදා


’’වීසා ගාස්තුවල වෙනසක් නෑ’’

(අංජුල මහික වීරරත්න)

විදේශිකයන් මෙරටට පැමිණිමේදී එක් පුද්ගලයෙකුට දින 30ක වීසා බලපත්‍රයක් සඳහා අය කළ ඩොලර් 50ක පැරණි ගාස්තුව එලෙසම පවත්වා ගෙන යාමටත්, ඉන්දියාව, චීනය, රුසියාව, ජපානය, මැලේසියාව, තායිලන්තය, ඉන්දුනිසියාව යන රටවල් හතට මෙතෙක් නොමිලේ සැපයු වීසා සේවාව එසේම ක්‍රියාත්මක කිරීමටත් අද (6) රැස්වූ  කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. 

එසේම මෙරටට විදේශිකයෙකු ඇතුල්වීමේදී අදාළ වීසා නිකුත් කිරීමේ පූර්ණ වගකීම ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් දරනු ඇත .



අදහස් (15)

’’වීසා ගාස්තුවල වෙනසක් නෑ’’

ගාමිණි Monday, 06 May 2024 08:16 PM

මේ කොල්ලා නොහිටින්න ඩොලර් මිලියන ගාණක් අහවල් කෙනාගේ සාක්කුවේ. දැන්වත් වකුටු කොන්ද දිග හැර නැගිටපල්ලා...

:       6       128

ජයනාත් Monday, 06 May 2024 08:30 PM

වීසා ගාස්තු වෙනසක් නැති වුණාට වෙනදා ඩොලර් 50න් කරන්න යන වැඩේට දැන් 100ට වඩා යන බව පේන්නේ නැත්ද? ලංකාවට වැඩිපුර එන්නේ සංචාරකයින් තරු 5 හෝටල්වල නවතින අය නෙවෙයි. එයාලාට වැඩිපුර යන ඩොලර් 50ත් දැනෙනවා...

:       7       77

පැරකුම්Monday, 06 May 2024 09:40 PM

ජයනාත් හරියටම හරි. ඒත් ඉතින් අපේ අයට ඔය වගේ දේවල් තේරුම් ගන්න බැරි නිසා දේශපාලුවෝ දිනුම්…!

:       0       0

කම්බ හොරා Monday, 06 May 2024 09:47 PM

මාධ්‍ය සාකච්ඡාවක් දීලා ඇදබාපු ලොකු ටෝක්ස් කලිසමේ පහවෙන කොට හවසට අකුල් පන්නනවා. එයාර් පෝට් කොල්ලෝ ඔයාට ගොඩාක් පිං මේ හොරු රැලගේ රෙදි ගැලෙව්වාට.

:       0       0

WCA Monday, 06 May 2024 10:03 PM

VFS ආයතනය දැන් නැද්ද ? නැත්නම් ඒ ගොල්ලන්ට දැන් ගෙවන්නේ කොහොමද? VFS වියදම ආණ්ඩුව අරගෙනද දන්නේ නෑ. එහෙව් අප්පලා..

:       0       0

chandima Monday, 06 May 2024 11:42 PM

මේ දවස් ටිකට වුණත් හොඳ ගාණක් එකතු වෙන්න ඇති නේ? රට ගිහින් එච්ව නිසි පරිදි කළමනාකරණය කරලානේ ආවේ, දැන් ඉතින් අඩු කළත් මොකද නේද?

:       0       0

kotiya Tuesday, 07 May 2024 03:16 AM

ටිරාන් අලස් ඇමැති තුමාට අනුව කලින් සිංගල් එන්ට්‍රී සහා දින 30ට වලංගු විසා එක තමා ඩොලර් 50. දැන් ඩබල් එන්ට්‍රි සහ දින 60ක් වලංගු වීසා එක තමා ඩොලර් 100. මට ප්‍රශ්ණ දෙකක් තියෙනවා. 1. සිංගල් එන්ට්‍රි දින, 30විසා එක ඩොලර් 50ට විකුණපු ආගමන විගමන නිළධාරීන්ට ඩබල් එන්ට්‍රි,දින 60 ක වීසා එක ඩොලර් 100ට විකුණන්න බැරි වෙන්න හේතුව මොකද්ද? 2. ඩබල් එන්ට්‍රි,දින 60 ක වීසා එක ඩොලර් 100ට විකුණුවාට ඒ ඩොලර් 100ම ආණ්ඩුවට එන්නේ නෑ. ඩොලර් 20ක් විතර ඔය කියන වී.එෆ්.එස්. කියන ආයතනයට යනවා. මේක ආණ්ඩුවට ආදායම් අහිමි කිරීමක් නේද? හරියට සීනි බදු වංචාව සහා සුඳු ළුණු වංචාව වගේම.

:       0       0

සෙනෙවිරත්න Tuesday, 07 May 2024 03:51 AM

ඒ කියන්නෙ ඔය ඇල්බීසිය ලෑලි වලින් හදපු කැබිනට් එක ගාස්තු වැඩි කරලා, අර තරුණය කලබල කරල ජනතාව අවධි කරාට පසු ඒක නැවත අඩුකරල නේද? මෙතන ආණ්ඩුව සුද්ධ කරන පෝස්ට් දාන අම්ම අප්ප ගෑනි විකුණුවත් කමක් නැහැ කියන සෙට් එක කෝ?

:       0       8

PGPThilak Tuesday, 07 May 2024 06:29 AM

වීසා ගාස්තු වෙනසක් නැති වුණාට ලැබෙන වීසා ගාස්තු ලංකා රජයට ලැබෙන්නේ නැතිනම් වැඩක් නෑ!! වගකීම ආගමන විගමන දෙපාර්තමේන්තුවට තියෙනවා කියන කතාව මහජනයාගේ අවධානය නොමඟට හැරවීමට කරන ලද කූට ප්‍රකාශයක්!!

:       0       8

Ashoka Tuesday, 07 May 2024 06:50 AM

වීසා ගාස්තුව අඩු කරාට යාලු සමාගමට ගෙවන ගාන එහෙමම දෙනවා ඇති , එතකොට ලංකාවට තමයි මේකෙන් ඩබල් පාඩු

:       1       7

හරිද Tuesday, 07 May 2024 06:56 AM

එතකොට VFS එකේ ගාස්තුව ආණ්ඩුවෙන් ගෙවනවද?

:       0       9

de silva Tuesday, 07 May 2024 07:17 AM

අනිවාර්යයෙන්ම ගුවන්තොටුපලේදී අසාධාරණය වෙනුවෙන් නැගී සිටි එම මහත්මයට මගේ ප්‍රණාමය පුද කරනවා , ඔහු එක නොකලානම් සංචාරක කර්මාන්තයට සහ ලංකාවට ඩොලර් මිලියන සිය ගණනක අලාභයක් සිදුවෙනවා , සුළුපරිමාණ homstay විශාල ප්‍රමාණයක් වැසි ගොස් , පවුල් දහස් ගණනක ජිවන උපාය මාර්ග වැසි යන්න පුළුවන් , දැන්වත් සංචාරක සංගම් එකමුතුවෙලා දිපවියාප්ත රාජ්‍ය නොවන සංචාරක සමිතියක් පිහිටුවා ගන්න ඕනේ , එහෙම දෙයක් තිබෙනවා නම් ලනක්වේ සංචාරක වියාපාරය ප්‍රවර්ධනය ඔවුන් අතට ගන්න පුළුවන් , මේ වගේ වැදගත් ප්‍රශ්නවලදී මැදිහත් වෙන්න පුළුවන් , සංචාරක ප්‍රවර්ධන මණ්ඩලයෙන් සිදුවන්නේ සංචාරක වියපරිකයන්ට විවිධ නීති රීති දමමින් , කොමිස් , පග ගසමින් වියාපාරය අඩාල කිරීම පමණි

:       1       6

Anura Tuesday, 07 May 2024 07:55 AM

යල්පැනපු රනිල්ගේ ආණ්ඩුවට ඩොලර් හොයාගන්න වෙන කිසිම දැනුමක් ,අදහසක් නැහැ ඉතින් පිටරට ශ්‍රමිකයෝයි ,ලංකවට එන විදෙශිකයෝන්ගේය්නුයි පුළුවන් තරම් ඩොලර් හුරගෙන කන්න තමයි බලන්නේ , මේ වගේ වැඩ නිසා ලංකාවේ සංචරක කර්මාන්තය අපහු 2014 ට කලින් තිබුණු තත්වෙට වැටෙයි

:       1       6

අනූශා Tuesday, 07 May 2024 09:20 AM

පවුලක් එනකොට සාමාන්‍යයෙන් ලමයි දෙන්නෙක් එක්ක හතර දෙනෙක්. එතකොට වීසා වලට යන මුදල හතරෙන් වැඩි කරන්න ඕන. වීසා එකකට ඩොලර් 75 ක් උනොත් වීසා වලට විතරක් ඩොලර් 300ක්. මේක අනිත් රටවලට සාපේක්ෂව ලොකු මුදලක්.

:       1       21

Hafeel Tuesday, 07 May 2024 12:54 PM

එදා ගුවන්තොටුපලේදී මේ වෙනුවෙන් හඬ නගපු එම තරුණ වීරයාට සියලු ගෞරවය හිමිවියයුතුයි. මහා ලොකුවට මව් බිම, මාතෘ භූමිය කියමින් පම්බෝරි ගහන කාර්ඩ් බෝර්ඩ් දේශප්‍රේමිලා වන කාර්ඩ් බෝර්ඩ් වංශ සහ කාර්ඩ් බෝර්ඩ් ගම්මන්පිල මේ වෙනුවෙන් මොකද්ද කලේ? ඔහුට නඩුවෙන් බේරුනා පලියට අද පැත්තට වෙලා ඉන්නේ.

:       2       11

ඔබේ අදහස් එවන්න

දියත

‘අයිස්‘ ළඟ තබාගත් පොලීසියේ දෙන්නාගේ වැඩ තහනම්
2024 මැයි මස 19 34 0

අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්ත කොස්තාපල්වරුන් දෙදෙනාගේ වැඩ තහනම් කරන බව අපර


රබර් හදන රටවලට යුරෝපා සංගමයෙන් නියාමන පනතක්
2024 මැයි මස 19 94 0

වනාන්තර විනාශ නොකර රබර් වගා කර නිෂ්පාදන කටයුතු කරන රටවලට යුරෝපා සංගමය විසින් නිෂ්පාදන නියාමන පනතක් ( European Union Deforestation free Regulations- EUDR ) හඳුන්වා දී තිබේ.


රිලවාට තැබූ වෙඩිල්ල කතකට වැදිලා
2024 මැයි මස 19 212 0

ගම්පොල වේලම්බොඩ ප්‍රදේශයේ පුද්ගලයෙක් රිලවෙකුට තැබූ වෙඩිල්ලක් හැත්තෑ ද‍ෙහැවිරිදි කාන්තාවකගේ ඇසතුලට වැදී ඇය බරපතල තුවාල ලබා ගම්පොළ ශික්ෂණ රෝහලට ඇතුළ


රේගු ලොක්කන්ට කෝටි 2400ක සන්තෝසම්
2024 මැයි මස 19 470 0

රේගු නිලධාරීන්ට සහ රේගුවට තොරතුරු සපයන්නට මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව රේගු ප්‍රධානීන්ගේ අභිමතය පරිදි රුපියල් කෝටි 2422 කට වැඩි මුදලක් 2012 ව


සුරක්ෂා දෙන්න කැබිනට් අනුමැතිය
2024 මැයි මස 19 169 0

ආර්ථික ගැටළුකාරී තත්ත්වය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවන ලද ’’සුරක්ෂා’’ සිසු රක්ෂණාවරණය යළි ආරම්භ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී ති


අධික වැස්සෙන් ප්‍රදේශ රැසක් යටවෙයි
2024 මැයි මස 19 196 0

දිවයිනපුරා පවතින වැසි සහිත සුළං තත්ත්වයෙන් බොහෝ ප්‍රදේශවල සාමාන්‍ය ජන ජීවිත අඩාලවී තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 795 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2348 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2014 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site