IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


කොළඹ පුර සබෙි බලය තාම වැට උඩ

(අංජුල මහික වීරරත්න)

ප්‍රධාන පක්ෂ එකකටවත් සියයට පනහ ඉක්මවා ගිය ඡන්ද ප්‍රතිශතයක් නොලැබුණු කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර මේ වන විට දැවැන්ත බල "පොරයක්" නිර්මාණය වී තිබේ.

ජාතික ජන බලවේගය කොළඹ මහ නගර සභාව සඳහා ඡන්ද 81814ක් ගෙන සියයට 36.92ක ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කළ අතර සභික ධුර 48ක් ලබා ගත්තේය.

දෙවැනි තැනට පත් සමගි ජන බලවේගය ඡන්ද 58375ක් ලබා ගනිමින් සියයට 26.34ක ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කරමින් සභික ධුර 29ක් ලබා ගත්තේය.

කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා සභික ධුර 59ක් අවශ්‍ය වන අතර ජාතික ජන බලවේගයට කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා තවත් සභික ධුර 11ක අවශ්‍යතාවය පවතී.

සමගි ජන බලවේගයට කොළඹ මහ නගර සභාවේ බලය තහවුරු කර ගැනීමට තවත් සභික ධුර 30ක් අවශ්‍යය.

එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය,එක්සත් සාම සන්ධානය,සර්වජන බලය,පොදු ජන එක්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ, එක්සත් ජනරජ පෙරමුණ,ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය, ඇතුළු ස්වාධීන කණ්ඩායම් විසින් කොළඹ මහ නගර සභාවේ සභික ධුර 40ක් අත්පත් කරගෙන ඇති අතර ප්‍රධාන පක්ෂ දෙක විසින් එම සභිකයන් තමාගේ ගොඩට දිනා ගැනීම සඳහා දැඩි අරගලයක නිරත වන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ජාතික ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවසූයේ ජන වරමේ අපේක්ෂාව අනුව ඉදිරියේදී කොළඹ මහ නගර සභාවේ බලය පිහිටවෙනු ඇති බවයි.

ජනතාව විසින් ජාතික ජන බලවේගයට කොළඹ මහ නගර සභාව සඳහා පැහැදිලි වැඩි බලයක් ලබා දී තිබෙන බව සඳහන් කළ ජාතික ජන බලවේග ප්‍රකාශකයා එම ජනවරමට සාධාරණයක් වන තීරණයක් කොළඹ මහ නගර සභාවට ලැබෙනු ඇති බව කීය.

සමගි ජන බලවේගයේ මැද කොළඹ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පැවසූයේ කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ පක්ෂ සමග සාකච්ඡා සියයට අනූවකින් අවසන් වී ඇති අතර තම පක්ෂය අනිවාර්යයෙන්ම කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවන බවයි.

 



අදහස් (5)

කොළඹ පුර සබෙි බලය තාම වැට උඩ

Perera Tuesday, 13 May 2025 09:25 AM

අර වේයෝ කාපු පොෂ් රථය නම් පුරපතිට ලැබෙන්නේ. ඕක පස්සේ ගිහින් වැඩක් නැහැ...

:       1       5

කපුරු හාමි Tuesday, 13 May 2025 12:03 PM

සමගි ජන බලවේගයේ දූෂිතයෝ. හිතාගෙන ඇති කොළඹ බලය අල්ලාගන්න..

:       4       6

Dahanayaka Tuesday, 13 May 2025 01:36 PM

සමගි කියන එකේ ලොක්කාට ක්ෂණික ජනාධිපතිවෙන්න ඇතිවූ තන්හාව නිසා අගමැතිකම පෙනිපෙනී පැනලා ගියා... ජනාධිපතිවරණය වෙලාවෙත් රනිල් ඉල්ලීම කරද්දීත් කිසිදාක නායකත්වයක් නොලැබෙන බව පෙන්වා වෙනමම තරග කළා. එහි විපාක තවත් අවුරුදු දහයක් පහළොවක් යනතුරුම ගෙවාගන්න බැහැ කිව්වා. නාහන එකා නොවෙයි ලැබීමක් නැත්නම් ලැබෙන්නේ නැහැනේ. බුදුහාමුදුරුවෝ ජීවමානව වැඩ සිටි සමයේ එක්තරා හිමිනමක් ආහාරයක් නැතිව හිටියාලු... ඉතින් අන්තිම දවසේ සැරියුත් හාමුදුරුවෝ පාත්‍රය අල්ලාගෙන සිටිද්දී අවසන් වතාවට ආහාරයක් ගත්තා කියන්නේ නොලැබීමේ හැටි තමයි...

:       1       6

විහඟ Tuesday, 13 May 2025 02:00 PM

මේ ආණ්ඩුව ඉක්මනට ගෙදර යවන්න ඕනෑ නම් අනිවාර්යෙන්ම කොළඹ මහනගර සභාව විපක්ෂයට ගන්න වෙනවා. කොළඹ මහනගර සභාව ගත්තා කියන්නේ ඉතිං ආණ්ඩුවට ගහන්න පුළුවන් හොඳ කනේ පාරක්...

:       12       5

ගමේ එකාලාTuesday, 13 May 2025 06:41 PM

මාරුවෙන් මාරුවට බලයේ හිටපු, රටම හොරාකාලා විනාශ කරපු දූෂිත දේසපාලුවෝ පැන්නුවේ ඔවුන් රටට කරපු විනාසේ නිසා. ආයේ බලය දීලා රටට කෙළවෙනකම් බලාගෙන ඉන්න උනුත් නැතුව නොවෙයි...

:       4       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 694 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site