IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


කොළඹ ඡන්දයෙන් පසු සජබෙ දෙදරීමක්

(සුජිත් හේවාජුලිගේ)

සමගි ජන බලවේගය කොළඹ නගර සභාව පරාජය වීමත් සමඟ එම පක්ෂය තුළ බරපතළ දෙදරීමක් හටගෙන ඇතැයි වාර්තාවේ.

කොළඹ මහ නගර  සභාවේ බලය ලබා ගැනීමට පහසුවෙන්ම හැකියාව තිබියදී  එම  අවස්ථාව මඟ හැරීම සම්බන්ධයෙන් පක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරීන් රැසක් පක්ෂ නායකත්වයට දැඩි ලෙස දෝෂාරෝපණය  කර ඇතැයි පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙක් පැවසීය.

පළාත් පාලන ආයතනවල බලය පිහිටවන අවසාන මොහොතේදී පක්ෂ මහලේකම්වරයා විදේශගත වීමද බොහෝ ක්‍රියාකාරීන්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව ඇතැයි ඔහු ප්‍රකාශ කළේය.

කොළඹ මහනගර සභාව ඇතුළු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී  සමග ජන බලවේගයේ නායකත්වය උපරිම කැපවීමක් නොදැක්වූ බවටද  බොහෝ ක්‍රියාකාරීහු චෝදනා කරති.

සමහර නායකයන්ට  එරෙහිව එල්ල වී ඇති චෝදනාවලින් ගැලවීමට ඔවුන් මෙවැනි නිද්‍රාශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කළාදැයි ඔවුහු මෙහිදී  සැක මතු  කරති.

මේ අතර ජනාධිපතිවරණයේදී සන්ධානවලට යෑම ප්‍රතික්ෂේප කළ නායකත්වය  පළාත් පාලන ආයතන පිහිටුවීමේදී සන්ධාන වලට යෑම විහිළුවක් බව පෙන්වා දෙන එම ක්‍රියාකාරීහු  එසේ කටයුතු කරමින් සභිකයන් බිල්ලට දීම  අනුමත නොකරන බවද සඳහන් කරති.



අදහස් (9)

කොළඹ ඡන්දයෙන් පසු සජබෙ දෙදරීමක්

මහසෙන් Wednesday, 18 June 2025 03:42 PM

කලබල වෙලා කෑගැහුවට වැඩක් නෑ.පක්ෂ නමේ විදියට වැඩ නෑ වගේ ම මං පොර ජාතකයම දෙසන පුතානෝ ඉන්න කැමති සදාකාලික විපක්ෂ නායක කමේ තමා.

:       4       60

සමගි මාවතේ වලියක් Wednesday, 18 June 2025 03:43 PM

හී හී හී!!!

:       2       43

යෝගා Wednesday, 18 June 2025 03:44 PM

සජිත් ඉන්නේ ලොකු ඩීල් එකක බව මොන්ටිසෝරි ළමයකුට වුණත් තේරෙනවා. සජබෙ තරුණ දක්ෂයන්ට ඉක්මනට තීරණයක් ගන්න වෙනවා.

:       5       51

අරවින්ද මොණරවිල Wednesday, 18 June 2025 03:45 PM

හැමදාම අවුල් හැමදාම, ගෝරි ඒ උනාට නම සමගි ජන බලවේගය, බලයට එන්න පොරකනවා මිසක වැඩ පිළිවෙලක් දර්ශනයක් හො එකමුතු කුමක් නැති පක්ෂයක් ! සජිත් නායකයා වෙලා ඉන්නා තුරු ඔය පක්ෂට දිනන්න බැරි වෙයි.

:       4       56

suran Wednesday, 18 June 2025 04:04 PM

මොලේ කලඳක් හෝ තියෙන එකෙක් ඉන්නවා නම් තවදුරටත් ඔය මෝඩ සජිය එක්ක ඔතන ඉන්නේ නැහැ . ගොන්නු ටිකට ඔතන ඉන්න ඇරලා උඹල ආපහු ගිහින් රනිල් එක්ක එකතු වෙයල්ලා . එතකොට උඹලට ගමනක් තියේවි . ඔය ගොන් සජියට මොලේ තිබුන නම් ඕක අද අගමැති . කොහෙද උද්දච්චකම ඊට වැඩ ලොකු උනානේ .

:       0       2

Asela Wednesday, 18 June 2025 04:20 PM

නාමල් හා සසඳන විට සජිත් ඉතා කම්මැලි සහ අකාර්යක්ෂමයෙකි. පාඨලී සහ හර්ෂ පවා සජිත්ට වඩා හොඳයි. සජිත් අනුරට ආශිර්වාදයක්. සජිත් හෝ අනුර කිසිසේත් දක්ෂ නැත. ඇත්ත වශයෙන්ම, ශ්‍රී ලංකාවේ නායකයින් නැත, නමුත් සෑම කඳවුරකටම අයත් සාමාන්‍ය හා වැඩකට නැති දේශපාලනඥයන් සිටී. මේ රට බොරුකාරයින්ගේ, වැඩකට නැති දේශපාලනඥයන්ගේ අතේ පවතිනු ඇත. අපි මැරෙන තුරු.

:       0       1

Dasa P Wednesday, 18 June 2025 06:33 PM

දැන් ඉතින් 2048 වෙනකල් අනුරට වාතයක් ගියත්, බැන බැන ඉඳපල්ලා.

:       0       1

රුවන් Thursday, 19 June 2025 07:49 AM

විපක්ෂය දින්න සභ ටිකත් හේදිලා යයි වගේ. අන්තිමට 2018/19 මහරගම නගර සභාවට වෙච්චි වැඩේ වෙන්නේ.

:       0       2

Perera Thursday, 19 June 2025 10:35 AM

රනිල් සජිත් කියන්නේ උද්දච්ච කමින් ඉදිමුණු කාසියේ දෙපැත්ත

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 676 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site