
(ජේ.ඉඳුරුවගේ)
කොස්ගොඩ ඌරගස්මන්හන්දිය සහ අහුන්ගල්ල පොලිස් වසම්වල ජනතාව භීතියට පත්කරමින් කාලයක් තිස්සේ රාත්‍රී කාලයේ නිවෙස් කොල්ලකෑම් රැසක් සිදුකළ කොල්ලකල්ලියක් මෙහෙයවූ බව කියන කාන්තාවන් දෙදෙනෙකු සහ කොල්ලකල්ලියේ සාමාජිකයන්වූ තරුණයන් දෙදෙනෙකු සැකපිට අත් අඩංගුවට ගත් බව කොස්ගොඩ පොලීසිය කියයි.
ඥාති නැන්දා සහ දුවක වන සැකාරියන් දෙදෙනා වයස අවුරුදු 29 හා 40 වියේ පසුවන අතර අත් අඩංගුවට ගත් අවස්ථාවේ ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 2410 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 3112 ක් ද සොයාග ගෙන තිබේ.
කොල්ල කල්ලිය මුලුමනින්ම මෙහෙයවා ඇති මෙම කාන්තාවන් දෙදෙනාගේ උපදෙස් පරිදි හා ඔවුන් ලබා දෙන මත්ද්‍රව්‍ය පානය කර තරුණයින් විසින් දොරවල් කඩා නිවෙස්වලට ඇතුළු වී ආයුධ පෙන්වා නිවැසියන් බියවද්දා මෙම කොල්ලකෑම් සිදුකර ඇතැයි පොලීසිය කියයි.
මොවුන් විසින් නිවෙස් පහකින් කොල්ලකා තිබූ රුපියල් ලක්ෂ පහකට අධික වටිනාකමකින් යුත් රන් ආභරණ කිහිපයක් හා මෙම කොල්ලකෑම් සඳහා යොදාගත් කඩු,කිනිසි , උල් පිහි ,කැති,යකඩ පොලු සහ මන්න පිහියා ඇතුලු ආයුධ තොගයක්ද මේ වන විට සොයා ගැනීමට හැකිවූ බව පොලීසිය පැවසීය.
2025 නොවැම්බර් මස 21
169
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
239
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1112
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
කොස්ගොඩ බියවැද්දූ කොල්ලකල්ලියක් මෙහෙයවූ නැන්දා -දුව අල්ලයි
Lankabarana Sunday, 14 April 2024 04:05 PM
අම්මා සහ දුව/ පුංචි අම්මා සහ දුව කිව්වට නැන්දා සහ දුව කියන්නෙ නැහැ නැන්දා නම් කියන්න ඕන ලේලි කියලා තමයි ඉදුරුවගේ මහත්තයෝ ඔහේට පිංසිද්ධවෙයි සිංහල භාෂාවේ පාවිච්චි කරන වාක්‍ය හෝ පද වෙනස් කරන්න එපා
Ramani Sunday, 14 April 2024 05:17 PM
හිරුනිකයි ..අම්මයිද ?