
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මනාල යුවළක් පෙරටු කොට ගත් රථ පෙළක මංගල රථය සහ තවත් මෝටර් රථයක් කොල්ලුපිටිය ගාලු පාරේ පාසල පටුමග ප්‍රදේශයේදී අද (15) අලුයම එකිනෙක ගැටී මාර්ගයේ ගමන් ගත් තවත් යතුරුපැදියක ගැටීමෙන් මනාල යුවල ඇතුළු පස්දෙනෙකු තුවාල ලබා ඇතැයි කොල්ලුපිටිය පොලිසිය කියයි
තුවාල ලැබූවන්ගෙන් මනාල යුවල රෝහල් ගත වී නොමැති අතර මංගල රථයේ රියදුරු ,අනෙක් මෝටර් රථයේ රියදුරු සහ යතුරුපැදිකරු රෝහල් ගතව ඇතැයි පොලිසිය සඳහන් කරයි
සිදුවූ අනතුරින් තුවාල ලැබූවන් කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇති අතර යතුරු පැදිකරු බරපතල තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි
කොල්ලූපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච් එල් දුෂ්මන්ත මහතාගේ උපදෙස් මත රථවානාන්තයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක විශ්ව සමරසිංහ පොලිස් කොස්තාපල් 8729 සතර සිංහ මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාමාන්‍ය චාරිත්‍ර වලට අනුව මංගල රථයක් දැක්කම අපි කවුරුත් ඉඩ දෙනවා. සුන්දර ගමනක් යන දෙපළකට ආශීර්වාදයක් හැටියට. නමුත් දැන් සමාජයෙන් එවන් උතුම් ගතිගුණ ඉවත්වෙලා ගිහින්. එය පිරිහීම. ඒකයි මෙවැනි අනතුරු
අයියෝ හරිම කනගාටුයි! කාලයක් තිස්සේ සූදානම් වී ජීවිතයේ සතුටින්ම පිරි ඉතිරි යන මොහොතක් ඉදිරියේ සිදුවූ අවාසනාවන්ත සිදුවීමක්!